hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 12:06



චාමර වීරසිංහ කියන නමට වඩා මිනිස්සුන්ට සමීප එහෙම කිව්වාම.

ඒ තරමට, සිය කලාව තුළින් හදවත් දිනූවෙකි ඔහු.

චාමර කෙතරම් රසික රසිකාවියන්ගේ හදවත් හි ලැඟුම් ගෙන ඇත්ද යන කාරණය වඩාත් ප්‍රකට වූයේ, ගෙවුණු කාලයේ ඔහුට මුහුණපාන්න වුණු අසනීප තත්ත්වයත් එක්ක.

ඒ, චාමර වීරසිංහ නම් සොඳුරු මිනිසාට සුව පතා රසික රසිකාවියන් විසින් බෝධි පූජා පිංකම් පැවැත්වූ කාලයකි.

පසුගිය 21 වනදා චාමරට විශේෂ දවසක්. ඒ, රටක් ආදරේ කරන ඔහුගේ උපන්දිනය යෙදී තිබීම නිසාවෙන්.

උපන්දිනය දා ජනප්‍රිය ගායක දිමංක වෙල්ලාලගේ විසින් තබා තිබූ සටහන.

”Happy birthday Chamara Weerasinghe Aiye!

ඔව්, චාමර වීරසිංහ කියන්නෙම උන්මාදයක්.

2004 වර්ෂයේ හික්කඩුවේ මගේ ගමේ ඉද්දි ඇතිවුනු සුනාමි ව්‍යසනයත් එක්ක වෙරළාසන්න සියල්ලටම උන්හිටිතැන් අහිමි වෙද්දි ඒ වේදනාකාරී අත්දැකීමට මටත් මගේ පවුලේ අයටත් මුහුණ දෙන්න වුනා.

මට වයස අවුරුදු 14යි.

සියල්ලම අහිමි වුනත් ඒ වනවිටත් මම පරිස්සමින් තියාගෙන හිටපු එක දෙයක් තිබුනා.

ඒ චාමර අයියාගෙ සිංදු තියෙන කැසට් පටය.

එදා එහෙම මං ආදරය කරපු මගේ හදවතේ ගායකයා මේ වෙනකොට මගේ සිංදුවක් මං ඉස්සරහ කියද්දි මට දැනෙන සතුට වචනෙන් කියාගන්න අමාරුයි.

ඉතින් හැමදාමත් කියනවා වගේම චාමර අයියා වැජඹෙන්න ඕන හැමදේකින්ම.

එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරෙයි ඔයාට!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: