hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 06, ප.ව. 12:50



කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව ලක් නොකෙරුණු බව යි ඔහු පවසන්නේ.

තව මාස හතරක් පහක් යන විට ඔහුට ගායන ක්‍ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇතැයිද පවසන ඔහු,ඔහුගේ හඬට මාස 4ක හෝ 5ක කාලයක විවේකයක් අවශ්‍ය බව ත් සදහන් කළා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“චාමර වීරසිංහ මහතා කෘතිම ශ්වසන ආධාරවලින් තොරව දැන් සාමාන්‍ය විදිහට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ඔහු ගැන දැඩි නිරීක්‍ෂණයක ඉන්නේ. ඔහුගේ තත්ත්වය දැන් හොඳ අතට හැරෙමින් තිබෙනවා. උගුරේ සැත්කමකට ඔහුව භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් ගතවේවි. ඔහුගේ හඬට විවේකයක් අවශ්‍යයි. මාස හතරක් පහක් යනකොට ඔහුට ගායන ක්‍ෂේත්‍රයට එන්න ලැබේවි. තවත් දින කීපයකින් ඔහු සියයට සියයක් සුව අතට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: