hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 12:01



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

අද වෙනකොට සාර්ථක ගමනක් ඇවිත් ඉන්න ඔහුට ආපස්සට හැරිලා බලනකොට අපිට කියන්න, තමන්ට ආදරේ කරන්නවුන්ට කියන්න ලොකු කතාවක් තියෙනවා.

විටින් විට ඔහු සිය සමාජ මාධ්‍ය වේදිකාවන්හි ලියා තබන්නේ අන්න ඒ කතාවයි.

තමන් ආව සාර්ථක ගමන ගැන හැමෝම මේ විදියට ප්‍රසිද්ධියේ කියන්නෙත් නෑ…

”ගොඩක් අය මැරෙනකල්ම හීන පස්සෙ යනවා.

එතනින් බහුතරයක් දෙමවුපියන් දෙන ඉලක්ක පස්සෙ යනවා.

හොඳ රිසල්ට් එකක්, හොඳ කැම්පස් එකක්, හොඳ උපාධියක්, හොඳ රජයේ රැකියාවක්, හොඳ නිවසක් වගේම හොඳ තැනකින් කසාදයක් කරගෙන අවුරුදු 60කින් බොහොම ඒකාකාරී විශ්‍රාම ජීවිතයක් නිර්මාණය කරගන්නවා.

ඒත්, පන්තියෙ අන්තිම පේළියෙ වාඩිවෙලා හිටපු වඩාත් නිර්මාණශීලී දඩබ්බරයා සාමාන්‍ය විදියට විභාග සමත් වෙනවා, තමන්ගෙම කියල පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා, හෙමි හෙමින් ඒක දියුණු කරගන්නවා, ව්‍යාපාරය ටික ටික ස්වෝත්සාහයෙන් පුළුල් කරගන්නවා, හොඳට සල්ලි හම්බ කරනවා, හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා, ජීවිතේ ඉලක්කයක් තියාගෙන අවුරුදු 45 වෙනකොට විශ්‍රාම යන්න ජීවිතේ සැළසුම් කරලා සමාජයම පිළිගත් මනුස්සයෙක් වෙනවා.

මට හැමදාමත් තිබුණෙ එක අධිෂ්ඨානයයි.

ඒ තමයි, මේ වැටිච්ච වළෙන් කොහොමහරි ගොඩ එනව කියන බලාපොරොත්තුව.

ඒ බලාපොරොත්තුව මගේ ඉලක්ක ඇතුලෙ මාව කොච්චර ජීවත් කරාද කියනව නම්, රැයක් දවාලක් නොබලා මට මහන්සි වෙන්න පුරුදු කළා.

උපයන හැම සතේම කළමණාකරණය කරන්න ඉගැන්නුවා.

ඒ වගේම, ජීවිතේ නිසියාකාරව පරිපාලනය කරමින් ජීවත් වෙන්න පුරුදු කළා.

ඒ නිසා, ඔබ ඔබේ ඇතුලෙ ඉන්න නිර්මාණශීලී මිනිසාව අවදි කරන්න.

ඒ නිර්මාණශීලී මිනිසා එක්ක පොඩියට ගමනක් ආරම්භ කරන්න.

කවුරු මොන දේ කිව්වත්, කවුරු කොහොම ඔබට හිනාවුණත්, තමන්ගෙ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙන්න.

එතකොට මට වගේම එදා ඔබට හිනාවෙන මිනිස්සුත් ඔබට ඔලුව පහත් කරාවි.

අන්න ඒ තැනට එනකල් ස්වෝත්සාහයෙන් වැඩ කරන්න.

ඔබට කවදාවත් වරදින්නෙ නෑ.

තෙරුවන් සරණයි…. ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: