hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 9:57



ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා එම අවස්ථාවේදී අදහසක් දැක්වීම මිට සුළු මොහොතකට පෙර සිදු කරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 2025 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියෙන් පසු තමා නැවත තරඟාවලි නොපවත්වන බවයි.

තමා ඉන්පසු බොහොම නිදහස් ජිවිතයක් ගත කිරීමට කැමති බවත් තම පවුල බොහෝ අවස්ථාවලදී තමාට මඟ හැරී ඇති බවද ඔහු සඳහන් කළේ සංවේදී වෙමිනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: