hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:27



ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් මේ වන විට පැවැත්වෙනවා.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා එම අවස්ථාවේදී අදහසක් දක්වමින්  ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මතක් කරන්න අමතක කළේ නැහැ.

එහිදී ඔහු “මේ වෙලාවේ මම බොහොම ආදරෙන් මතක් කරනවා අද දවසේ මෙතන නැති වුණත් කැරොලයින් ජූරි. මම හිතන්නේ මේ වේදිකාවට වටිනාකමක් දීලා මේ රට ලෝකෙට අරන් ගියාට මම ඇයට ස්තූතිවන්ත වෙනවා. මම හිතනවා ඇයට මගේ එක්ක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ වගේම මොන ප්‍රශ්න ඇති කළත් මම කුමුදු ප්‍රසාදිනී ඒ වගේම මම පුෂ්පිකා ද සිල්වා බොහොම ආදරයෙන් මතක් කරනවා. මම ඒ කාටවත් වැරදි කරලා නැහැ ඒ හැමෝටම උදව් කළා ඇරෙන්න. මොන ප්‍රශ්න තිබුණත් ඒ හැමෝම මේ පවුලේ සාමාජිකයෝ. මට කිසිම කෙනෙක් එක්ක මගේ ජිවිතේ තරහක් වෛරයක් කිසිම දෙයක් නැහැ.බොහොම ආදරෙන් මතක් කරනවා ඔවුන් හැමෝම.” යනුවෙනුයි.

නෙළුම් පොකුණ රඟහලේදී 2021 අප්‍රේල් 4 වන දින පැවැත්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රහණය කර කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වාගේ හිසින්, හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි විසින් එම කිරුළ ගලවා අනු ශූරත්වය ලබාගත් තරගකාරියට පැලඳවීම සිදු වුණා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ද ඇති වූණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: