hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 1:07



රූපලාවණ්‍ය ශිල්පිනියක් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගෙන ඉන්න ආදරණීය චරිතයක් තමයි ගයාත්‍රී ඩයස් කියන්නේ.ඇය පිළිබඳව වැඩිවශයෙන් කතා බහ කරන්න පටන් ගත්තේ ලංකාවේ අති දක්ෂ චිත්‍රපටි රංගන ශිල්පියෙක් සහ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වූ චන්න පෙරේරා ගේ ආදරණීය බිරිඳ වීම නිසයි.

ඒ වගේම තමයි ඒ විවාහයෙන් ඔවුන් දෙදෙනාටම ආදරණීය දියණියන් දෙදෙනෙක් හිමිවුණා.නමුත් කාලයක් ගියාට පස්සේ ගයත්‍රි සහ චන්ද යම් යම් නොගැළපීම් නිසා විවාහ ජීවිතයට සමු දුන්නා.හැබැයි දරුවන්ගේ ඕනෑම අවස්ථාවකදී ඔවුන් දෙදෙනා අම්මා සහ තාත්තා ලෙස පෙනී එන්නත් අමතක කරන්නේ නැහැ.ඇත්තටම අද වෙන් වෙලා හිටියත් එදා ඔවුන්ගේ ආදර කතාව පිළිබඳව ගයත්‍රි ප්‍රසිද්ධ මාධ්‍ය සඳහන් කරන්න අදටත් අමතක කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඇය අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.“මම ටිකක් අඩු වයසෙන් මැරි කරේ එතකොට මට අවුරුදු දාහතයි.චන්න අයියව මාස දෙකක් වත් නෑ මම අදුනගෙන එතකොට. ඒ කාලේ මම ඒ ලෙවල් කරන්න මාස දෙක තුනක් ඉස්කෝලේ යන කාලේ තමයි සෙට්වෙලා බැන්දේ.අපේ අම්මත් 16න් බැන්දේ.”ඉතින් ඉතාමත් කෙටි කාලයකින් විවාහ වෙච්චි ගයත්‍රී තමන්ගේ ඒ අත්දැකීම පිළිබඳව ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී අදහස් හුවමාරු කරගෙන තිබුණේ ඒ විදිහටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: