hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 9:03



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඊයේ (18) පෙනී සිට නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමට උත්සහ කිරීමේ පුවතක් අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ශිෂ්‍යත්ව විභාගය අවසන්ව ඇය තම යහළුවන් සමගින් කුඩා ලොරි රථයකින් අඹන්පොල – අමුණුගම මංසන්දියට පැමිණ තිබෙනවා.

එතැන් සිට පා ගමනින් අමුණුගම පිහිටි තම නිවෙසට යන අතරතුර යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයෙකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරුපැදියට ගොඩ කරවාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී යතුරුපැදිකරු එම සිසුවියට පාසැල් උපකරණ ලබාදෙන බවට පවසා ඇය සමඟ අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර තිබෙනවා.

එහිදී සිසුවිය කෑ ගැසීමට උත්සාහ කළ විට මරණ තර්ජන එල්ල කර ඇති බවටයි පොලිසියට මෙම දැරිය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවෙකු දැක යතුරුපැදිය කැලෑබද ප්‍රදේශයක නතර කර සිසුවිය දමා සැකකරු පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව මේ සම්බන්ධයෙන් අදාළ සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනෙකු කරුණු විමසා ඇයව සිය පියාට භාර දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: