hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 15, පෙ.ව. 12:09



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදූ වූ මාරාන්තික පිහි ඇනුමක් නිසා සිදු වූ ඛේදවාචකය සම්බන්ධ පුවත් අප නිරන්තරයෙන් ඔබ සමග බෙදා ගත්තා.

මෙම අපරාධයෙන් පසුව අපරාධකරු පොලිස් වෙඩි පහරින්  ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු සම්බන්ධව තොරතුරුද මේ වන විට මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

කුඩා කාලයේ සිටම මානසික ගැටළු කිහිපයකින් පෙලි සිටි ඔහු කෞචි ජොයෙල් නම් තරුණයෙක්.

මෙම සිදුවීමෙන් අනතුරුව ඔහුගේ දෙමාපියන්වන ඇන්ඩෲ සහ මිෂෙල් ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ තම පුතුන්ගේ මෙම ක්‍රියාව අතිශය බිහිසුණු බවටයි.

වැඩි දුරටත් ඔවුන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“ජෝයෙල්ගේ ක්‍රියාව ඇත්තෙන්ම බිහිසුණු‍යි. අපි තවමත් සිදුවී ඇත්තේ කුමක්ද යන්න තේරුම් ගන්න උත්සාහ කරනවා.කෞචිට වයස අවුරුදු 17 දී මානසික රෝගයක් ඇති බව හඳුනාගෙන තිබුණා, පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ මානසික සෞඛ්‍යය පිරිහුණා. සිඩ්නි හී සහකාර කොමසාරිස් ලෝව් පැවසුවේ කෞචිගේ පවුලේ අය රූපවාහිනියෙන් බිහිසුණු මාරාන්තික ප්‍රහාරයේ දර්ශන දැකීමෙන් පසු පොලිසිය හා ඔවුන් සම්බන්ධ වී, “ඔවුන්ගේ පුතා මේ ආකාරයට හැසිරුණේ ඇයිද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වුණත් සියලු විමර්ශනවලට සහය දෙන බව ප්‍රකාශ කර ඇති බවටයි.

මේ අතරම කෞචි පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් කළ පොලිස් නිළධාරිනිය සමග කිසිම ගැටළුවක් නොමැති බවටද ප්‍රකාශ කර ඇති බවට සඳහන්.

කෞචිගේ දෙමාපියන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ

“ඊයේ සිඩ්නි හි සිදු වූ කම්පන සහගත සිදුවීම්වලින් අපි සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වී තිබෙනවා. අපගේ සිතුවිලි සහ යාච්ඤා වින්දිතයින්ගේ පවුල් සහ මිතුරන් සහ මේ වන විටත් ප්‍රතිකාර ලබන අය සමඟයි. යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: