hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:04



ජනප්‍රිය ගායක චාමර වීරසිංහ තවමත් කලුබෝවිල රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ වත්මන් තත්ත්වය ගැන, බොහෝ පිරිසක් විමසිල්ලෙන් ඉන්න බැව් රහසක් නෙවෙයි.

මෑතක රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ ඔහුගේ බැරුරූම් තත්ත්වය නිසාම ඔහුව තවදුරටත් ‘දැඩි සත්කාරයේ රඳවාගෙන සිටින බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ චාමර වීරසිංහගේ බිරිඳ ද සඳහන් කළේ චාමර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනා බවයි.

මේ අතර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන චාමරගේ තත්ත්වය දැන් සුවදායි අතට හැරෙමින් පවතින බැව් සඳහන් කළා.

ඒ වගේම තමයි ඔහුට සුවය පතා බොහෝ රසික රසිකාවියන් කලාකරුවන් ආගමික පුද පූජාවන් පවා පවත්වන්නේ ඔහුට තිබෙන ආදරය නිසයි.

ඉතින් මේ කියන්න හදන්නේ ඔහු ගැන නිලන්ති කලුආරච්චි නැමැති කාන්තාවක් තැබූ සටහනක් සහ එයට ප්‍රතිචාර ලෙස තැබූ සටහනකුයි.

මේ ඒ සටහන.

“උග්‍ර මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදු වූ ලෝකයේ ජනප්‍රියම තරු මරණ අතර මැක් මිලර්, හීත් ලෙජර්, ප්‍රින්ස්, පිලිප් සේමූර් හොෆ්මන්, ඩොලෝරස් ඔරියෝඩන් සහ මයිකල් ජැක්සන් සිටී.
මේ පුද්ගලයන් දක්ෂතා තුලින් ජනප්‍රියතාවයේ උපරිමයටම ගිය අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ පසුබෑම් වලට ලක්ව දිවියෙන් සමු ගත් වුන් වෙති.
කට හඬෙහි තීව්‍රතාව වෙනුවෙන්, නිදි මැරීමට හැකියාව ලැබීම වෙනුවෙන් හා මත්ද්‍රව්‍ය භාවිතය කලාවේ දර්ශනයක් වැනි පටු ආකල්පයන්හි එල්බ තාවකාලික තෘප්තිය පතා මෙලෙස සදාකාලික විනාශයන් ළඟා කර ගැනීම නිසා එම ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පසුකාලීනව,
පෙර සේ අමතක නොවන ප්‍රේම ගීත අඩු වීම
සම්භාව්‍ය තනු අඩු වීම
නව නිර්මාණ අඩු වීම
ප්‍රසංග වලදී පෙර දක්ෂතා නොදැක්වීම
. අමතක වීම
ප්‍රසංග වලදී අපහසුතාවන්ට ලක්වීම
වැනි දේවල් සිදු විය.
බොහෝ විට ලංකාවේ මෙවැනි සිදු වීම් සමාජගත නොවීමත්, සමාජගත වීමේදී වැරදි පූර්වාදර්ශ පමණක් ගැනීමට ඇතැමුන් හුරුවීමත් නිසා බොහෝ සිදුවීම් කාලය සමඟ මතකයෙන් බැහැරට යමින් තිබේ.
කෙසේ වුවද, #හදවතේ_ගායකයා ලෙස කිරුළු පලන් #චාමර_වීරසිංහ Chamara Weerasinghe මේ වන විට කෘතිම ශ්වසන ආධාරකයෙන් මිදී සුවපත් වෙමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යට ප්‍රකාශ කොට ඇත.
ඔහුගේ උගුරේ ශල්‍යකර්මයක් සිදු නොකළ බවද, විවේක සුවයෙන් මාස හතරක් පමණ පසුව යළි සුපුරුදු ගායන තලයට පැමිණිය හැකි බවද වෛද්‍ය බෙල්ලන මහතා වැඩි දුරටත් පවසයි.
චාමර වීරසිංහ ගායකයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර,
මත්ද්‍රව්‍ය තම පෞරුෂයේ අංගයක් කොට ගත් පිරිසට එයින් මිදීමේ අවස්ථාව උදාකර ගැනීමට හැකි වේවායිද පතමි.”

මේ ඒ එයට පිලිතුරු ලෙස දමිත් අසංක තබා තිබූ සටහන

සංගීතය පිළිබඳව මෙලෝ හසරක් දැනුමක් අත්දැකීමක් නොමැතිව මේ වගේ සුන්දර මනුස්සයෙක් ගේ video එකකුත් දාලා මේ කරණ අපරාදය නම් මුළු ලෝකෙටම කරණ සාපයක්. මන්දයත් මේ අය කළාකරුවන් drugs ගන්නවා කියලා ඇස් දෙකින් බලාගෙන හිටියා වගේ තමයි පොස්ට් දාන්නෙ. මම කියන්නෙ මේවට නීතියෙන් වාරණයක් ගේන්න ඕන අවවාද කරන්නත් ඕන එහෙම කරන්න එපා කියලා. මම පැහැදිලි කරන්නම් කොහොමද සම්භාව්‍ය තනු නොලැබෙන්නේ කියලා. ලෝකයේ වෙනස් වීමත් එක්ක එහෙම තනුවක් නිර්මාණය කරන්න කෙනෙක් නෑ. තාමත් ඔය කිසිම දෙයක් පාවිච්චි නොකරණ සුනිල් එදිරිසිංහ අමරසිරි පීරිස් වැනි බොහෝම වටින ප්‍රවීණයන් පවා ඉන්නවා. පොත බලාගෙන සින්දු කියන්නේ. Drugs අරගෙන නෙමෙයි වචන අමතක වෙන්නේ තමන් සතු ගීත බොහෝ ප්‍රමාණයක් තියෙන නිසයි. ඒ අයටත් ප්‍රබුද්ධ තනු නැති වෙන්නේ ඒ අයගෙ වරදින් නෙමෙයි එහෙම තනු නිර්මාණය කරන්න දැන් කෙනෙක් නැති නිසයි. වියපත් වෙන්නේ ලෙඩ දුක් හැදෙන්නේ මහන්සි වෙන ප්‍රමාණය අනුවයි. ඒ ලෙඩ වීමට අපිත් වගකියන්න ඕන බුදු හාමුදරුවොන්ට ලේ අතීසාරය හැදිලා පිරිනිවන්පාන්න උනෙත් වෙනත් කෙනෙක් දීපු කෑමක් විෂ වෙලයි. මෙහෙම කරන්න එපා මිනිස්සුන්ට. චරිතය ඝාතනය කරන්න එපා. තවත් දෙයක් මෙයා ගැලපෙන්නෑ කියලා දාලා ගියපු අය පවා දැන් ඇවිල්ලා සමාජ මාධ්‍යට ලඟින් ඉන්න අයට දොස් කිය කියා බනිනවා මම දැක්කා. හැබැයි ඒ අය දාලා ගියා කියලා නිකන් හිටියේ නැ සල්ලි ඉල්ල ඉල්ලා පස්සෙන් පැන්නුවා. මානසිකව ලොකු වදයක් දුන්නා. කලාකරුවෝ හැම පැත්තෙන්ම අසරණයි. ඒ ගැන දන්නේ තවත් කළාකාරයෙක් විතරයි. මමත් තව මගේ රසිකයන් වෙනුවෙන් උපරිම අවුරුද්දක් දෙකක් ගී ගයයි. ඉන් එහාට දකින්න වත් නැති ස්වභාවයකට පත් වෙයි. නමුත් ආදරේ හැමෝටම දිවි තුරා ආදරෙයි. ආයෙත් ඉල්ලන්නේ තමන් නොදන්න දේවල් පුද්ගලයන් ගැන හිතට එන දේවල් කියන්න එපා. ඇත්ත කතාව ඊට වඩා ගොඩාක් වෙනස්. සමහර විට සමුගැනීම අද වෙන්නත් පුළුවන්.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: