hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 03, ප.ව. 12:54



ඩෑන් ප්‍රියසාද් ගැන වගේම දමිතා අබේරත්න ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දමිතා අරගලයේ ප්‍රධාන සාමාජිකාවක් බව ඔබ හොදින්ම දන්නවා.

ඩෑන් ප්‍රියසාද් සිය සමාජ මාධ්‍ය ගිණුමට ජායාරූප කිහිපයක් එකතු කරමින් “ලක් අමිමට අමාරුයි එන්න ඉක්මනට” යනුවෙන් පළ කර තිබෙනවා.

මේ වෙනකොට ඒ සඳහා ප්‍රතිචාර ගලා එනවා.

එය ගීත රූප රචනාවක ඡායාරූප පෙළක් බව පැහැදිලියි.

දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ අදහස් ගැන factcrescendo වෙබ් අඩවිය මෙසේ පළ කිරීමක් සිදු කර තිබෙනවා.

උපුටා ගැනීම

අප මේ පිළිබඳව වැඩි දුරට ත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා දමිතා අබේරත්න මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු වන ඡායාරූප පෙළ, අරගලයට බොහෝ කලකට පෙර තමන් රංගනයෙන් දායක වූ වීඩියෝවක් බවත්, එහි දැක්වෙන්නේ වෘත්තීමය රංගන ශිල්පිනියෙකු ලෙස තමන් ට රංගනයෙන් දායක වීමට ඇරයුම් ලැබුණු, නිෂ්පාදක විසින් තීරණය කර ඇති පිරිස සමගින් රංගනයෙන් දායක වූ අවස්ථාවක් බවයි. 

තවද තමන් පෞද්ගලිකව ඩෑන් ප්‍රියසාද් සමග කිසිදු අයුරකින් සම්බන්ධතාවයක් නොමැති බවත්, දේශපාලනික වශයෙන් ඔහුගේ දේශපාලනයට තමන් විරුද්ධ වූවත්, තමන් වෘත්තීමට රංගන ශිල්පිනියෙකු බැවින් මොන යම් හෝ රංගන කටයුත්තකදී  නිෂ්පාදක මණ්ඩලය විසින් තෝරාගත් පුද්ගලයෙකු සමගින් රංගනයෙන් දායක වීමට සිදුවේනම්, එය තමන් එය ඉටු කරන බවත්, එහිදී දේශපාලන මතය එයට බාධාවක් කර නොගන්නා බවත්, දමිතා අබේරත්න වැඩිදුරටත් පවසා සිටියා.

ඩෑන් ප්‍රියසාද් මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ද, යුධමය වාතාවරණයෙන් අනතුරුව බොහෝ කලකට පෙර තමන් දමිතා අබේරත්න මහත්මිය සමගින් රංගනයෙන් දායක වූ වීඩියෝවක් මෙලෙසින් මෑතකදී සිදු කරන ලද වීඩියෝවක් බවට දක්වමින් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි. කෙසේ වෙතත් කුමන දේශපාලන මත දැරුවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න මහත්මිය සමඟ රංගනයෙන් දායක වීම තමන් ප්‍රතික්ෂේප නොකරන බවත්, ඇයගේ රංගනයේ ප්‍රවීණත්වයට තමන් ගරු කරන බවත්, ඔහු පවසා සිටියා.

උපුටා ගැනීම අවසන්

මෙම තේමාවෙන් බහුල ව පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාරවලින් ද, පෙනී ගියේ මෙය මෑතකදී ලබා ගත් ඡායාරූපල බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: