hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:04



ධනූ ඉන්නාසිතන්බි  කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටමත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් දක්ෂ නිවේදකයෙක් විදිහටත් ජනතාව අතර ප්‍රසිද්ධ වුණු කලාකාරයෙක්.

යාපනය ප්‍රදේශයේ ඉඳන් කොළඹට ඇවිල්ලා තමන්ගේම කියලා ගමනක් ආරම්භ කරන දනූ අද වෙද්දි ක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් දන්න කියන චරිතයක් වෙලා.

ඉතින් ටිකක් ප්‍රසිද්ධ උනාට පස්සේ බොහෝ දෙනෙක්ගෙන් නොයෙකුත් ආකාරයේ කරදර වලට මුහුණ දෙන්න තනුවට සිද්ධ වෙලා.

මෑතකදී ඔහු මුහුණ දීපු ඉතාමත් බැරෑරුම් තත්ත්වයේ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදිහටයි.

“දැන් මාස එකහමාරක කාලයක විතර ඉඳලා මම කරන වැඩසටහනක නමක් පාවිච්චි කරලා ෆොටෝ ෂූට් කරන අයට නළු නිළියන්ට දුරකථන ඇමතුම් අරගෙන ලිංගික හිංසන සිදුවෙන ආකාරයට කතා කරලා තියෙනවා.මගේ වැඩසටහනේ වැඩසටහනක් දෙනවා කියලා සමහර ආටිස්ලට අයුතු යෝජනා පවා කරලා තියෙනවා.දමිතා අබේරත්න දිනක්ෂි වගේ ජනප්‍රිය කලාකරුවන් ගොඩක් දෙනෙක්ට මේ විදිහට කතා කරලා තියෙනවා.ඒ අය දැඩි අපහසුතාවයට පත්වන ආකාරයෙන් තමයි කතා කරලා තියෙන්නේ.මීට කලින් මම කතා නොකරපු සමහර ආර්ටිස්ලා අහුවෙලා තියෙනවා.මේ වෙනකොට මේ සම්බන්ධයෙන් සී අයිඩී එකේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: