hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 8:16



කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් ඔස්සේ ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක මේ වන විට සිඩ්නි පොලිසියේ රදවා ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රීී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ධනුෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුරේදී ආබාධයකට ලක්ව අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට එක් කෙරුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කළේ ධනුෂ්කව ශ්‍රී ලංකාව බලා පිටත් නොකර සංචිතය තුළ තවදුරටත් රදවා ගැනීමටයි.

ධනුෂ්ක ගුණතිලකගේ ආබාධ තත්වය ඉක්මණින් සුව අතට පැමිණීම හේතුවෙන් අතිරේක ක්‍රිඩකයෙකු ලෙස සංචිතයේ තබාගැනීමේ අරමුණින්, ඔහු ඕස්ට්‍රේලියාවේ රඳවාගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ අතරවාරයේදී පුහුණුවීම් වලට එක්වනවාට වඩා ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වී එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කරමින් ධනුෂ්ක නිදහසේ කාලය ගත කර තිබෙනවා.

එවන් පසුබිමක් තුළ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වුණේ කාන්තාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර පොලිසිය අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර 29 හැවිරිදි කන්තාවක් සිඩ්නි නුවර පොලිසියට පැමිණිලි කර ඇත්තේ රෝස් බේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දි පසුගිය දෙවැනිදා ධනිෂ්ක ගුණතිලක අවස්ථා 04 කදී සිය කැමැත්තෙන් තොරව තමාට ලිංගික අතවර සිදු කළ බවයි.

ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාවට වෙලාවක් ලබාදී කොෆී ෂොප් එකකදී කෝපි බීම සඳහා මුණගැසී තිබෙනවා.

පසුව එතැන කතාබහින් පසු නැවත ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇය තනිව සිටි නිවසේ කාමරයක් ඇතුළට ගෙනයමින් ලිංගික අතවර සිදුකර ඇති බව පැවසෙනවා.

“මෙම කාන්තාව දිගටම බැහැ කියා තිබෙනවා. ආරක්ෂාව ලබාගැනීමට කෑගසා තිබෙනවා. අතවරයෙන් මිදීමට බොහෝ පියවර ගෙන තිබෙනවා,” රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසූ බව නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙනවා.

ඇයට අවශ්‍යවී තිබුනේ ඔහු හා හමුවී සුහද කතාබහක නිරත වෙන්න විතරයි.

“ඇය ප්‍රසිද්ධ ස්ථානයකදී මුණගැසුණා, ඒ අවට සිටින අනෙක් අය  ඇය හමුවීමට යමෙකු පැමිණි බව සාක්ෂි ලබාදී තිබෙනවා‘
“නමුත් ඔහු හැසිරී ඇති ආකාරය අවාසනාවන්තයි.”රහස් පරීක්ෂිකා ඩොහර්ටි දන්වා තිබෙනවා.

ඇගේ පැමිණිල්ලට අනුව සිව්වතාවක් අතවර කිරීමට ඔහු පියවරගෙන තිබෙනවා.

සිද්ධියෙන් පසු කම්පනයට පත් ඇය කළ පැමිණිල්ල අනුව සෙනසුරාදා අදාළ ලිපිනයේ අපරාධ ස්ථාන පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ධනුෂ්ක මේ වනවිට රඳවා තබාගෙන තිබෙන අතර ඔහුට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහාය ලැබී ඇතැයි රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ධනුෂ්ක වරදකරු වූවහොත් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නට සූදානමින් සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: