hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 06, ප.ව. 5:01



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

29 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය සතියේ පොලිසියට කළ පැමිණිල්ලකින් පසු 31 හැවිරිදි ගුණතිලක මහතා ඉරිදා අලුයම 1.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වෙනවා.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයා පසුගිය බදාදා රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී හමු වී කාන්තාවකට ලිංගික අතවර කළ බවට පොලිසිය සදහන් කර තිබෙනවා.

ඔන්ලයින් යෙදුමක් (dating app) හරහා දින ගණනාවක් ඔහු සමග අදාළ කාන්තාව සන්නිවේදනය කර ඔහු හමු වී ඇති අතර පසුව ඔහු නොවැ 2 බදාදා සවස ඇයට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇතැයි නිව් සවුත් වේල්ස් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක සඳහන්.

ඔහු මේ වන විට සිඩ්නි පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුට එරෙහිව “කැමැත්තෙන් තොරව සිව් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණු” බවට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.

මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී ඇති අතර ධනුෂ්ක ගුණතිලකට පොලිසිය විසින් ඇප ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු ලබන සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු වෙනුවට අශේන් බණ්ඩාර ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත්ත ද ධනුෂ්ක ගුණතිලක යළි ශ්‍රී ලංකාවට එවීමට බලධාරීන් කටයුතු කර නොතිබුණු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති අංශයේ ප්‍රධානි, නීතිවේදී ආචාර්ය චානක සේනානායක පැහැදිළි කිරීමක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: