hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 8:57



සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ සනමළ තටු සිනමා පටය නොබලපු කෙනෙක් නැතුව ඇති.

ඒත් එක්කම එහි සිය අපූරු රංගන කුසලතාවයන් විදහා දැක් වූ පොඩ්ඩො දෙන්නවත් ඔබට හොඳින් මතක ඇති.

ඒ දුලාංජලී ආරියතිලක සහ දසුන් මදුෂංක මෙන්ඩිස්.

එදා ළමා නළු නිළියන් වුණු මේ දෙන්නා දැන් නම් වයසින් මුහුකුරා ගිහින්.

ඔවුන් ගැන මතකය අලුත් කළේ පහුගිය දවසක පැවති කොළඹ සරසවියේ උපාධි ප්‍රදානෝත්සවය.

එදා තිරයෙන් කාගෙත් ආදරය දිනූ පුංචි සමනළිය, එහෙමත් නැත්නම් දුලාංජලී ආරියතිලක එහිදී උපාධිදාරිණියක් ලෙස කිරුළු පැළඳුවා.

ඒ දහසකුත් එකක් බාධක ජයගනිමින් වගේම කාටත් ආදර්ශයක් සපයමින්.

උපාධිදාරිණියක් වුණු දුලාංජලී කළු ලෝගුවෙන් අපූරුවට හැඩවුණු සේයාරුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න පටන් ගත්තේ, ඇයගේ හිතේ ඇති අසීමිත ශක්තිය මොනවට විදහා පාමින්.

විවිධ අවශ්‍යතා ඇති දියණියක් වුණත්, පුරවර සරසවි බිමේ දැනුම ඇහින්ද දුලාංජලීගෙන් නිතර දිස් වුණේ බලාපොරොත්තු රැසක් කරපින්නා ගත් දක්ෂ විද්‍යාර්ථියෙක්ව.

ඒ අනුව ඇය තම සගයන් එක්ක හරි හරියට ඉගෙනුම් ක්‍රියාවලියේ නියැලුණේ කාටත් ආදර්ශයක් වෙමින්.

ඉතින් එදා තිරය බෙදාගත්, උපාධියක් ලද තම සහෝදරිය ගැන ඇයගේ අසීමිත දක්ෂතා ගැන, නොසැලෙන ධෛර්යය ගැන දසුන් මදුෂංක ද සටහනක් තබන්න අමතක කර තිබුණේ නෑ…

”මගේ නංගිට සුබපැතුම්..

දෙවියන් වහන්සේගේ ආශිර්වාදය,

ආදරය ඔයා එක්ක හැමදාම තියෙනවා..

ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා….”

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: