hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 11, පෙ.ව. 12:04



කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුවන බව පොලිසිය පවසනවා.

සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගැනුණා.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබු අතර ඇය හොරණ – කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබුණා.

පසුව ඝාතනය සිදුකළ පුද්ගලයා මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබු අතර මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවක්.

ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් වන අතර ඝාතකයා පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරු විදෙස්ගතවීමට උත්සාහ ගැනීමේදී අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට පත්වුණේ 47ත් හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් නැමැත්තෙක් වන අතර ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි සැකකරන බවද පොලීසිය සඳහන් කරනවා.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරු පාතාල සාමාජිකයෙකුවන ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බව ද පොලීසිය සඳහන් කලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: