hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 7:39



පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ගුටි කෙළියක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති පුස්තකාලය අසල මෙම ගැටුම්කාරී තත්වය ඇතිව තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය හා විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර සිදුව ඇති බහින් බස්වීමකින් පසු මෙම තත්වය ඇතිව තිබෙනවා.

එහි දී විපක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරයා සමග ද රාජ්‍ය ඇමතිනිය කිසියම් උණුසුම් වාදයක පැටලී ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබන ලදී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහරදීමක් සිදු කලේ යයි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසීමෙ හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පාර්ලිමේන්තුව කල් තැබිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව මෙම කල් තැබීම සිදුකරන ලදී.

ගැටුමේ වීඩියෝවක් යූටියුබ් ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් තිබෙනවා.

මෙහිදී කාන්තාවන්ට අපහාස කරනවා කියමින් රාජ්‍ය ඇමතිවරිය බැණවදින අයුරු හා එම කතා වීඩියෝ කරමින් පිළිතුරු දෙන පිරිමි මන්ත්‍රීවරු ගැන ‘නිසරු’ සංවාද ශ්‍රවණය කළ හැකිය.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: