hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 12:01



අද වෙද්දි ලංකාවේ ඉන්න ජනප්‍රියතම කලාකරුවන් දෙදෙනෙක් තමයි අනුෂ්ක උදාන ලියනගේ සහ දිනේෂ් ගමගේ කියන්නේ.

මේ දිනවල සමාජ ජාලා තුළ දිනේෂ්ගෙ මල කඩ කඩ ගීතයේ තනුව ගැන කියවෙන කොටසක් සහ දෙමළ චිත්‍රපටයක ගීතයක් ගැන සඳහන් කරමින් දිනේෂ්ගේ ඒ ගීතය දෙමල ගීතයක තනුවක් බවත් ඔහුගේම නිර්මාණයක් නොවන බවත් පවසමින් සමහරු චෝදනා කරන්න පටන් ගත්තා.

තවමත් ඒ ගැන පිළිතුරක් දිනේෂ් ලබා නොදුන්නත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්න වස්ති අනුෂ්ක උදාන ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා. මේ ඔහු තබා තිබූ සටහන..

“..දිනේෂ් ගමගේ වෙනුවෙන් හෑල්ලක් ලියමි.., Dinesh Gamage

මගෙ සින්දු ගොඩක් ඒව වල තනුව දිනේෂ් මල්ලිගේ., ඒ සින්දු හැදුවේ අපි දෙන්නම එකතුවෙලා ., ඒවා හැදෙන තැන් වලද මම හිටියා., මිනිහා හැම වෙලේම අලුත් මෙලඩි දාන කෙනෙක්., මම මිනිස්සු ලක්ශ ගානක් බලන වස්ති Video වල Director ., වස්ති video එකක් අතුලේ තියන දෙබස් සිදුවීම් සියල්ලම පිටපතකට මුලින්ම රචනා කරන්නේ මම ., මේවා නව නිර්මාණ නිසා මට හිතුනට ඒවා මුලින්ම ඔලුවට ආවේ මට කියලා .,

සමහර දේවල් මම අවුරුදු ගානකට කලින් Experience කරපුවා., ඒත් ඒ සිතුවිලි ආපු විදියක් අමතක වෙලා යන තරමටම දැන් ජීවිතයේ සිදුවීම් වැඩි නිසා මේක හෙන pure concept එකක් වගේ මට දැනෙනවා., මේ සින්දුව දිනේශ් මල්ලි කලින් අහලා තියනවා මට ඒක විශ්වාසයි., ඒත් ඌට ඒක අහපු තැනක් වේලවක් ඔලුවේ නැහැ., හැබැයි ඊටත් වඩා තව දෙයක් මට විශ්වාසයි .,

ඕක Tamil සින්දුවක් කියලා ඌට මතක් උනා නම් ., ඕකා මී හරකෙක් වගේ ඒ සින්දුවේ Melody එක ආපු විදිහ ප්‍රසිද්ධ මාද්‍යයක ප්‍රකාශ කරලා ., පස්සේ රෙදි ගැලවෙනවා කියලා නොදන්න එකෙකුත් නෙමේ ., මොකද ඌ සහ මම දෙන්නම සමාජ මාද්‍යය හරහා ජනප්‍රිය වෙච්ච මිනිස්සු., ඔය වගේ ලොරි talk දීලා., තමන්ටම හානියක් කරගන්න තරම් දිනේශ් මල්ලී බුරුවෙක් නෙමේ..!! ඌට අමතක උනා ..,මේ වේලාවේ මම දිනේෂ් ගමගේ වෙනුවෙන් පෙනී සිටිනවා .,

ඌ වෙනුවන් මට සමාවෙන්න..!!

දැන් ගහන ගලක් මට ගහන්න..!!!

ස්තූතියි මම අනුෂ්ක උදාන..!!!..”

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: