hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 12, ප.ව. 8:23



වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

මුහුණු පොතේ ජනප්‍රිය වෛද්‍ය පාලිත රාජපක්ෂ කියන්නෙත් එවන් චරිතයක්.

පස්සර මාරක අනතුරදා රටම කතා කළ ඔහුව ඔබට අමතක නැතුව ඇති.

මේ ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ මුහුණ දුන් තවත් අත්දැකීමක් පිළිබඳව තැබූ සටහනක්….

”මෙය කොතරම්..

අනතුරුදායක ද???

මෙතනදී දෙමාපිය නොදැනුවත්වකම..

මිස අන් කිසිවක් නොවේ …

ඊයේ දහවල් නහයට දාගත්ත ..

ඉරිගු ඇටය..

මේ කෙල්ල කොටු කැල්ලකින් ඉවත්කරන්නත් හදල…

මුලු රාත්‍රියක්.

නහයේ ඉරිගු ඇටයට අමතරව පොඩි කෝටු කැල්ලක් එක්කම ඉදල..

බැරිවෙලාවත් නින්දේදි…

පෙනහලු වලට ගියානම්

අද දවල් ආවේ…

ඔන්න අපි අයින් කලා …

දැන් කෙල්ල බෙහෙත් නිසා නිදාගෙන ඉදල නැගිටල……..

….දෙමාපියනි ..

….මේ දරුවන් අපේ හෙට දවස..

….ඔවුන් රැකගමු..

……වෛද්‍ය පාලිත…..”

Monara

සටහනත් එක්කම ඔහු, මේ ඡායාරූප එකතුවත් ඊට අමුණා තිබුණා….

Monara
Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: