hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:40



ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයයි.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගත් ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ලඟ අසරන වෙනවා ඔබ දකින්නට ඇති.

මීට පෙර පාකිස්ථානය සමග පැවති තරඟයේදී ලකුණු අතරට ආ විරාත් කෝලි සහ රාහුල් මෙම තරඟයේදී දුනිත් වෙල්ලාලගේ දඟ පන්දුව හමුවේ අසාර්ථක වුණා.

මේ අතරම දුනිත් වෙල්ලාලගේගේ එක්දින හොඳම පන්දු යැවීමත් ඊයේ වාර්තා කලා.

ඒ ලකුණු 40ට කඩුළු 5ක් ලබා ගනිමින්.

මේ අතරම ලංකා ප්‍රිමිය ලීග් තරඟය ක්‍රීඩා කිරීමට මෙරටට පැමිණි බංගලාදේශ යොවුන් ක්‍රීඩක Tawhid Hridoy සිය LPL කණ්ඩායමේ මිතුරා වූ දුනිත් වෙල්ලාලගේට සුබ පතා ෆේස්බුක් සටහනක් තබා තිබුනා.

එහි සඳහන් කර තිබුනේ,

“පළමු වරට ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක් දවා ගැනීම වෙනුවෙන් ඔබට සුබ පැතුම්.

මම මේ ඡායාරූපය ඔබ සමගින් බෙදා ගන්න මම බලාගෙන සිටියා.

ඒක අදින් අවසන්.

මම ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කලේ මිටත් වඩා ආශාවෙන්.

මොකද මට ඔයා වගේ හොඳ යහලුවෙක් සිටියා.

මේ විශේෂ දිනයට සුබ පැතුම්.

ක්‍රීඩයෙක් විදිහට මීට වඩා හොඳ දින ඔබට ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මම හැමවිටම ඔබට සුබ පතනවා වගේම ආදරෙයි ඔබට මගෙ මිත්‍රයා.”‍යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: