hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 මැයි 04, පෙ.ව. 11:15



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

මෑතකදී තිරගත වීම ඇරඹුණු දඩඉම චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න දිනක්ෂියි සාරංගයි එකතු වෙලා තිබුනා.

එහිදී ප්‍රවීන සිනමා නිළි ස්වර්නා මල්ලවාරච්චි සමඟ ගත් ඡායාරූපයක් පළ කරමින් දිනක්ෂි ඇගේ සහ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ රංගනයන් ගැන අපූරු සටහනක් ලියා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: