hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:42



එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව මහා සංඝරත්නය 150 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පූජා කිරීම එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී  සිදු කෙරුණා.

1978 වර්ෂයේ ජන්ම ලාභය ලැබ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථයෙන් අකුරු කෙරූ, 1978 වර්ෂයේ කණ්ඩායම මෙම පිංකම සංවිධානය කරනු ලැබුවා.

එප්පාවල ඛෙත්තාරම විහාරස්ථානයේ සිට එප්පාවල නගරය හරහා ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල වෙත මහා සංඝරත්නය පා ගමනින් වැඩම කරවා උන්වහන්සේලා 150 නමක් විෂයෙහි දානය පිළිගන්වා, අටපිරිකර ඇතුළු සපිරිකර පූජා කරනු ලැබීය. විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුදරුවන්ටත්, ආදී සිසුන් හා විශ්‍රාමික ගුරුභවතුන් ඇතුළු සමස්ථ විද්‍යාලයටත් බෞද්ධ ආගමික ආශිර්වාද ලබා ගැනීම මෙම පිංකමේ අරමුණ වුණා.

ශ්‍රී සිද්ධාර්ථයට වසර 150ක් සැපිරීමට සමගාමීව පසුගිය 06 දෙදින විද්‍යාලීය පරිශ්‍රයේදී  සිරි සිදුහත් තඹර සර අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශණය පෙරවරු 08.00 සිට 04.00 දක්වා පැවැත්වුණා.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන් හා ගුරුභවතුන් එක්ව මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබුණා.

පසුගියදා (06) රාත්‍රීයේදී විද්‍යාල පරිශ්‍රයේදී කිරුළපන ධම්ම විජය හිමියන්ගේ වැඩම වීමෙන් ධර්ම දේශණයක්ද පැවැත්වුණ අතර, 1978 කණ්ඩායම විසින් මෙම ධර්ම දේශනාවද සංවිධානය කර තිබුණා.

අද දින (08) පෙරවරු 08.00  සිද්ධාර්ථයේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් රථ පෙළපාලීය සහ පා ගමන එප්පාවල යෝධ ඇළ ක්‍රීඩා පිටිය අසලින් ආරම්භ කිරීමට නියමිත අතර, පස්වරු 12.00 එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සිසු දරු දැරියන්ට අකුරු කරවා, මේ වන විට විශ්‍රාමිකව සිටින ගුරුභවතුන් හා ආදී සිසු හමුවක්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

අද  රාත්‍රියේ සංගීත සංදර්ශණයක්ද විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් 09/10 දෙදින ආදී ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරඟාවලියක් එප්පාවල එළිය දිවුල්වැව මහජන ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර – තිසර සමල්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: