hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 31, ප.ව. 6:58



උපන් දා සිට වයස අවුරුදු දෙකක් වනතුරු නිසි ලෙස ක්‍රියාකාරකම් සිදු නොකරන පුංචි පුතෙක් නිසා ජීවිතයම කඩා වැටුණු එහෙත් දරුවා ජීවත් කරවීම සහ ආහාර පාන පවා නොමැතිව ඉන්න හිටින්නට තිබුණ ගේ දොරද උකසකට සින්නවී  ඇති  අසරණ පවුලක් පිළිබඳ පුවත්ක් ගලේවෙල ගලපාමුල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගලේවෙල කළ පාමුල ප්‍රදේශයේ පදිංචි වී සිටින ඩබ්ලිව්.ඒ.සුබාරිකා මධුරංගනී සෙනෙවිරත්න සහ අයි.ජි.රොෂාන් මදුසංක සිගේරා යන දෙපළට උපන් දෙවෙනි දරුවා මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ පා සිටීනවා.

ඉතා සුන්දරව ඉඩම් කෑල්ලක් ගෙන හැකි ආකාරයෙන් කුඩා නිවසක් තනා ජීවත් වූ ඔවුන් දෙපලට පළමු දරු උපත එලෙස  දුමින්ද ලක්ෂාන් ලැබී ඇත ඔහු  තවමත් වයස අවුරුදු පහකක පමණ පුතෙක්.

ඔවුන්ගේ දෙවැනි දරුවන් කුසට එද්දී වෛද්‍යවරුන් පරීක්ෂා කොට සඳහන් කොට ඇත්තේ නිවුන් දරු උපත්කට සුදානම් වෙන ලෙසයි.

ඒ අනුව සියලු බලාපොරොත්තු තබාගෙන මාස ගණන ගණනාවක් නිවුන් දරුවන් කුසෙහි වැඩෙන අතර එක වැරම අසනීප වූ සුබාරිකා මධුරංගනී දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබුණා.

එහිදී දැන ගැනීම්ට හැකි වී ඇත්තේ අකාලයේ අවාසනාවන්ත ලෙස එක් දරුවෙකු කුස තුළ මියගොස් තිබෙන බවයි.

කෙසේවෙතත් සිදු කරන ලද සැත්කමකින් පසුව එක දරුවෙකු මෙලොවට ජනිත වෙද්දි අනිත් දරුවා මෙලොව හැර ගොස් තිබුණා.

හරිහමන් රස්සාවක් නොමැතිව කුලී වැඩ කරන ආදරෙන් පිරුණු මෙම දෙපළ දවසින් දවස තම දරුවා ලොකු වෙන තෙක්   බලා සිටියත් උපන් දා සිට විවිධ රෝග වලට ලක් වන බව ඔවුන්ට පෙනෙන්නට වී තිබෙනවා.

එදා සිටි අද දක්වාම දිවයිනේ රෝහල්වලට දේවාලවලට මෙන්ම විවිධ හාස්කම් ඇති ස්ථානවලට තම දරුවා රැගෙන ගොස් පිහිට ඉල්ලීම ප්‍රතිකාර ලැබීම මෙම  දෙපලගේ  දින චරියාව වී තිබුණා.

 කෙසේ හෝ තම දරුවා ජීවත්කරවීම සුවපත් කිරීමේ මෙම මවගේ පියාගේ එකම අරමුණ බවද සඳහන් කළා.

දරුවාගේ ප්‍රතිකාර සඳහා නිවසේ තිබුණු සෑම භාණ්ඩයක්ම මේ වන විට උගසට තබා ඒවා සින්න වී හමාර බව මෙම දෙපළ කියයි.

මේ වන විට ඔවුන් දෙන්නා මහන්සිවී උපයාගත් ධනයෙන් සාදාගත් නිවස හා ඉඩමක් පොලී මුදල් ලබා දෙන ප්‍රදේශයේ අයෙකුට සින්න වී ඇත්තේ රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලකටයි.

එම මුදල ලබාගෙන ඇත්තේ අවස්ථා කීපයක දරුවා ප්‍රතිකාර සදහා රැගෙන යන අවස්තාවලදී බව කියයි.

එම මුදල  ඉල්ලා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇතැයි මෙම යුවළ කියයි.

කෙසේ හෝ තම දරුවන්ගේ කුස ගින්න නිවීම ප්‍රතිකාර ලබාදීම සඳහා මේ වන විට දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත්තේ කුලී වැඩක් හෝ කර ගැනීමට නොහැකි නිසාවෙන් බව ඔවුන් අප සමග සඳහන් කර සිටියා.

මේ සදහා කාගේ හෝ උපකාරයක් නොමැතිව මින් ඉදිරියට ඔවුන්ට ජීවත් වීම විශාල කරදරයක් බවත් එම නිසා තම දුක් ජනතාවට දන්වා මෙම දරුවන් ජීවත් කරවීම සඳහා සහයෝගයක් ලබා දෙන්නැයි ඔවුන් අප සමග පැවසූවා.

ඔවුන්ගේ ලිපිනය ඩබ්ලිව්.ඒ.සුබාරිකා මධුරංගනී සෙනෙවිරත්න, නො 2/790 ගලපාමුල, ගලේවෙල.දුරකථන අංකය 078 6399037

ඇයගේ නමින් කමර්ෂල් බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇති බැංකු ගිණුම් අංකය 8090015798

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: