hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා.

රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.

ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

ඉතින් ඒ වගේම තමයි ළඟ ඉන්නවාට වඩා අම්මාගේ ආදරය අපට ගොඩක්ම දැනෙන්නේ ළඟ නැති වෙනකොට.

ගයාත්‍රි මේ කියන්නෙත් අන්න ඒ වගෙ කතාවක්.. හිතපු නැති වෙලාවක හිතපු නැති විදිහට තමයි ඇගේ මව ඇගෙන් සදාහ්ටම සමුගන්නේ.

ඒ දුක කවදාවත් ඇයගේ හිතින් යන්නේ නැති වෙයි.. අපි හැමෝටම හැමදාම හැමදෙයක්ම හැර දා යන්න වෙනවා. ඒ දේ අපි කාට වුණත් පොදුයි.

ඉතින් ඇයව හැරදාගිය ආදරණීය අම්මාගේ උපන්දිනයදවසේ ගයාත්‍රි මේ වගේ සංවේදී සටහනක් එකතු කරලා තිබුණා.

අද අමිමා උපන් දවස…..

වචන දහස් ගානකට ඔබව ආපසු ගෙන ඒමට නොහැකි විය … අපි උත්සාහ කළ නිසා මම දනිමි.
දහස් ගානක කඳුළු වලට ඔබව නැවත ගෙන ඒමට නොහැකි විය…එතරමි අපි හැඬූ නිසා මම දනිමි.
ඇත්තටම ඔයා නැති බව තවත් අදහාගන්න බැ අම්මේ. ඔබේ ආත්මය විවේකයෙන් සිටියත්, ඔබේ ශරීරය නිදහස් වුවත් ආයෙත් අපට ඔයාව ලැබුනොත් මේ ලෝකෙ අහස වගේ වෙයි. එත් ඔබ දින හෝ අවුරුදු නොමැති උණුසුම් සහ සුවපහසු ස්ථානයක දුකෙන් සහ කඳුළු වලින් විවේක ගන්නා බව සිතන විට දුකක් නැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: