hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 12:22



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා. රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.

ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

මෑතක යූටියුබ් නාලිකාව හා සම්මුඛ වෙමින් ගයත්‍රි ඇගේ දුක්කසාදය ගැන මේ විදිහට මතක ආවර්ජනයක යෙදුණා.

සිංගල් මාම්ලා ගැන මොකද හිතෙන්නෙ?

සිංගල් මාම් හොඳයි, එයාට ඇතිවෙන්න සල්ලි තියනවා නම්. මම ගත්තොත් මට ඉන්නෙ දුවලා දෙන්නෙක්. මම දන්නවා මට අවශ්‍ය දේවල්. අම්මලා දරුවෝ බලනවා තමයි, නමුත් අපි හැමතිස්සෙම හිතනවා, අපිට තව රැකවරණයක් වුවමනා ය කියලා. ඒකේ දෙපැත්තක් තියනවා.

එකට ඉන්න බැරිනම් දික්කසාද වෙන එකද හොඳ?

අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඔිනි. මොකද ඒ දෙන්නාගේ සතුට තියෙන්නෙ වෙන වෙන පැතිවල නම් වෙන් වෙන එකයි හොඳ. මම දකින දේ, මට දැනෙනවා නම් මාත් එක්ක ජීවත් වෙන කෙනා සතුටු වෙන්නෙ මගෙන් නෙවෙයි කියලා. මාව දැක්කම එයාට සතුටක් නැත්තම්.. ඒ සතුට නැති මනුස්සයාව බලෙන් මගේ ග්‍රහණයේ තියාගත්තා කියලා මට හම්බෙන්නෙ නිකන් ශරීර කූඩුවක් විතරයි.. ඒකෙන් දෙන්නම වේදනා විඳිනවා. මම කරන්න වුවමනා එයාගේ සතුට තියෙන තැනට එයාව යවන එක නේද? මම ඒක කළා. මම කළෙත් එයාට නිදහසේ යන්න දීපූ එක.

කාන්තාවක් දෙවැනි විවාහයකට යන එක අද සමාජයේ ලොකු විවේචනයට ලක් වෙනවා?

කාන්තාවක් වුණාම දෙතුන් පාර කසාද බැඳ බැඳ ජීවිතේ ගෙවන්න අවශ්‍ය නෑ. මම නම් විවාහ වුණේ එකපාරයි. මොකද මගේ දරුවන්ට ඉන්නෙ එක තාත්තායි. එතනින් එහා බාප්පලා මාමලා අංකල්ලා ගේන්නෙ නෑ මම. ඒක මගේ ප්‍රතිපත්තිය.

තමන් ආදරේ කරපු, විවාහ වෙච්ච, දාලා ගියපු කෙනෙක් තමන් ඉස්සරහා වෙන කෙනෙක් එක්ක දැක්කොත්?

අනිවාර්යෙන්ම මම සතුටු වෙයි. මම එයාව රිලීස් කරන්නෙත් එහෙමයි. එයා ඒ ජීවිතේ ලස්සනට ගතකරනවා ඇති. එහෙමයි මම හිතන්නෙ. නමුත් ඒක දකින්න ලැබෙන එක කොයි තරම් පිනක්ද? මම එයාව රිලීස් කළේ ඒ සතුට දෙන්න නම් ඇයි දුක් වෙන්නෙ? දැන් ම‌ගේ දරුවොත් ලොකුයි. දරුවෝ විවාහ වුණාම මම ගොඩක් තනිවෙයි. ඒක ලොකු ඈතක නෙවෙයි. ලොකු දුවත් එන්ගේජ් වුණා…… අපිට ඒකට මූණ දෙන්න වෙයි නේද?

ඔබ හොඳ අම්මා කෙනෙක්ද?

කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ ඒ වෙනුවෙන්. අනිවාර්යෙන්ම මම හොඳ අම්මා කෙනෙක්. අදටත් මම ඔවුන් වෙනුවෙන් කෑම හදලා, සියලු දේ කරලා එළියට බහින්නෙ.

අම්මයි තාත්තායි දෙන්නම වුණේ ඔබ ඒ දරුවෝ දෙන්නට?

එහෙම වෙන්න තිබුණානම් දිගටම හොඳයි.. නමුත් යම් යම් කාලවල දේවල් සිද්ධ වුණා. මම එක කාලෙක මුරණ්ඩු ගති තියෙන්න ඇති. ඒ නිසා එයාට යන්න ඔිනි තැනට යන්න දීලා මගේ පාඩුවේ ඉන්න ඔිනි කියන තැනට මම ආවා වෙන්නැති. මේ කාලේ වෙද්දි මමත් දරුවෝත් සතුටින් ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: