hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:03



ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙළි කිරීමේ සාදයක් (gender reveal party) අතරතුර ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගිය පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

සාදයේ කොටසක් ලෙස එකතු කර තිබූ මෙම අංගයේදී පියාසර කරමින් තිබූ ගුවන් යානය හදිසියේම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අන්තර්ජාලයේ පළකර ඇති වීඩියෝවේ දැක්වෙන්නේ රෝස සහ නිල් බැලූනවලින් වට වූ පුවරුවක් ඉදිරිපිට රැඳී සිටින යුවළක් සහ ඔවුන්ට ඉහළින් ‍රෝස පැහැති දුමාරයක් නිකුත් කරමින් පියාසර කරන ගුවන් යානය යි.

වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යානයේ එක් තටුවක් පියාසර කරන විටදී ම බඳ කොටසෙන් වෙන්ව යන ආකාරය යි.

එලෙස සිදු වූ අනතුරෙන් පසු ගුවන් නියමුවා රෝහල් ගත කර ඇති අතර රෝහලේදී ඔහු මියගොස් තිබෙනවා.

කෙසේ නමුත් බලධාරීන් ගුවන් නියමුවාගේ නම හෙළි නොකර ඇති අතර අනතුරට හේතුව පැහැදිලි නැති බවයි සඳහන් කර ඇත්තේ.

අනතුර හේතුවෙන් වෙනත් කිසිවෙක්ට තුවාල සිදුව නොමැති බවත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: