hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:01



සමහර කතා තියෙනවා ඒවා අපිට විශ්වාස කරන්නම බැරි වුණත් විශ්වාස කරන්න වෙනවා.

මේක සත්‍ය සිද්ධියක්.

මේක ඔහුගේම හඬින් අහමු.

“මගේ සීයා කට්ටඩි මහත්තයෙක්.

අපේ පැත්තේ හැමතැනකම ජනප්‍රිය එයාගේ යන්ත්‍ර මන්ත්‍ර නිසාවෙන්.

දවසක් අපේ ගෙදරට ගමේ කොල්ලෙක් ගෙනාවේ ඊට කලින් දවසේ රෑ එයාට වුණ හොල්මන් කේස් එකක් නිසා.

එයාට අපේ සීයා දවල් දෙකට එන්න කිවුවේ අන්තිම මැතිරුමට.

ඒ එද්දි ආවෙත් දකුණු අත ඇඹරිලා වගේ තියාගෙන.

මැතිරුමට පස්සේ ඔහුගේ අත හරිගිහින් තිබුනා.

ඊට පස්සෙ තමයි සිහියකින් එයාගේ කතාව කිවුවේ.

සිද්ධිය වෙන්න කලින් දවසේ එයා යාලුවොත් එක්ක බීලා කරලා තනියම බූරුවා පොළකට ‍යන්න ගිහින්.

ඒ යද්දි තුන්මං හන්දියක ලඟදි වැටක් අස්සෙන් අතක් ඇවිත් එයාගේ දකුණු අත අල්ලගෙන.

පේන්න තියෙන්නේ මිනිස් අතකට වඩා ලොකු සුදු අතක්ලු.

ඒ තනි අතින් එයාගේ දකුණු අත අල්ලගත්ත පාර ඒ කොල්ලා කඩාගන්න හැදුවත් මොනම දෙයක් කරත් කඩාගන්න බැරි උනාලු.

“අත ඇරපන් මාව,මට යන්න දෙනවා”.

රටේ නැති කුණුහරුපත් කියවෙනවලු.

පස්සේ කොහොම හරි අතහැරිලා.

ආපු පාර දිගේ ආ පස්සටම බයේ ගෙදරට යන්න ඇවිල්ලා..

එක තැනකදි අපේ ගමේම කොල්ලෙක් මහ රෑ හම්බෙලා.

පස්සෙ සිද්ධිය කිවුවට පස්සේ ගෙදර එක්කගෙන එද්දි මගදි සිහිය නැති වෙලා.

සිහිය ගත්ත වෙලාවේ ඉඳලා යන්නෙම සොහොන් පිට්ටනිය දිහාටලු.

හොඳට හයිය හත්තිය තියෙන කොල්ලො තුන් දෙනෙක්වම මේ කොල්ල පොලේ ගහලා.

ඔන්න ඕකයි කතාව.

ඉතින් හිතන්නකො හොල්මන් නෑ කියලා කියන්න බැහැ නේද ?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: