hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:02



දේව වරමින් මැදියම් රැයේ අනියම් සැමියාගේ පහස ලැබීමට ගිය කාන්තාවක තම සැමියාට හා අසල්වැසියන්ට හසුවීමේ සිද්ධියක් රාජාංගණය පොලිසියෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ සැමියා දුරබැහැර ප්‍රදේශයක සේවය කරන අතර ඔහු මසකට වරක් නිවෙසට පැමිණෙන අතර එහිදී දින කිහිපයක් නිවෙසේ කාලය ගත කරයි.

මෙම යුවළට දරුවන් දෙනෙකු සිටින අතර ස්වාමියාගේ මවද මෙම නිවසේ වාසය කරයි. පසුගිය දිනක නිවසට පැමිණි සැමියා එක් දරුවකු සමග වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර අනෙක් දරුවා මෙම කාන්තාව සමග නිදාගෙන තියෙනවා.

මැදියම් රැයේ එක්වරම කාන්තාව ළඟ සිටි දරුවා හැඬීමට පටන්ගෙන ඇති අතර නිවැසියන් අවදි වී ඒ පිළිබඳව විමසුවද ඇගෙන් කිසිදු පිළිතුරක් නොමැති නිසා දොර කඩා ඇතුළු වූ නිවැසියන්ට දැකගත හැකිවූයේ එම කාමරයේ විදුලි පන්දමක් දැල්වී ඇඳ මත තිබුණද ජනේලය විවෘත කර ඇය නිවෙසින් බැහැරවී ඇති බවයි.

සැමියා ගම්වැසියන් සමග එක්ව ඇය සොයද්දී නිවෙස පිහිටි ඉඩමේ කෙළවරක සිටි අයකු යතුරු පැදියකින් පලා යනු දැක තිබෙනවා. එම ස්ථානයට පිරිස යනවිට මෙම කාන්තාව එතැන සිට තියෙනවා.

නීත්‍යානුකූල සැමියා රාජාංගණය පොලිසියට කළ පැමිණිල්ලක් මත දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසීමේදී කාන්තාව පවසා ඇත්තේ තමන්ට සිහිනෙන් දෙවියකු පැමිණ අනියම් සැමියා ළඟට ගොස් පෙම්සුව විඳීමට උපදෙස් ලබාදුන් බවයි.

අනියම් සම්බන්ධතාවල ආදීනව පිළිබඳවත් විවාහයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වටිනාකම පිළිබදවත් කරුණු වටහාදී දෙපාර්ශ්වය එක් කිරීමට රාජාංගණය පොලිසිය කටයුතු කරලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: