hit counter

2024 ඔක්‍තෝබර් මස 13 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:01



දේවාරූඪයෙන් පවුලේ සුබසිද්ධිය සකසා අඳුනක බලයෙන් කන්‍යාභාවය සාදා දෙන බවට 22 හැවිරිදි තරුණියක්ව රවටා ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන එම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා තරුණියව පිරිමින් හට අලෙවි කරමින් ජාවාරම් කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන ව්‍යාජ කපුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා සැකකරුව ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියම කළා.

වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 52 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

තරුණිය රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මව විසින් පියාට විරුද්ධව වාරියපොල අධිකරණය හමුවේ පවරා ඇති නඩත්තු නඩුවකට සහභාගිවීම සඳහා තරුණිය මව සමග වාරියපොල අධිකරණය වෙත පැමිණ ඇති බව පොලිසිය කියයි.

අධිකරණ භූමියේදී මව සහ සැකකරු හිතවත් වී තිබෙනවා.

දේවාරූඪයෙන් පවුල් ආරවුල් විසඳන බවත් අදුනක බලයෙන් තරුණියන්ගේ නැතිවූ කන්‍යා පටලය සකසන බවත් සැකකරු තරුණියගේ මවට පවසා ඇති බව පොලිසිය කීය.

තම 22 හැවිරිදි දියණියට තරුණයකුගෙන් අතවරයක් වී ඇති බව මව සැකකරුට පවසා තිබෙනවා.

සැකකරු මවගෙන් දියණියගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගෙන ඇත.

පසුව සැකකරු තරුණියට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා තිබෙනවා.

අදුනේ බලයෙන් කන්‍යාපටලය සැකසීමට නිරුවත් වීඩියෝ දර්ශනයක් අවශ්‍ය බව සැකකරු තරුණියට පවසා ඇතත් තරුණිය ඊට කැමැත්ත පළ කර නැත.

ඇමතුම ලබාගන්නේ දේවාරූඪයෙන් බවත් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහොත් ඇයට සහ පවුලේ අයට කරදර වන බව පවසමින් සැකකරු තරුණියව බියවද්දා ඇති බව පොලිසිය කීය.

සැකකරු තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයට ගෙන්නා ගැනීමෙන් අනතුරුව තරුණියට සුදුසු රැකියාවක් ඇති බව පවසා තිබෙනවා.

රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යෑම සඳහා යැයි පවසා තරුණිය ගෙන්වා ගෙන ඇති සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ හෝටලයක් වෙත රැගෙන ගොස් බියගන්වා අතවර කර තරුණියගේ තවතවත් නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වමින් දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ ස්ථානයක් කුලියට ගෙන තරුණියව පිරිමින්ට මුදලට අලෙවි කරමින් සිටියදී දිවුලපිටිය පොලිසිය මගින් එම තරුණියව සහ සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව තරුණිය ඉහත තොරතුරු පොලිසිය වෙත පවසා තිබේ. තරුණියව මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත තරුණියගේ මව වෙත තරුණියව භාරදීමට පොලිසිය කටයුතු කර ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: