hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:08



මිනිහෙක් ට හරි ගැහැනියෙක්ට හරි තියෙන පුද්ගලික අයිතිය උන් තීන්දු කරනවා. ඒ හිමි ඉඩම් බලතල තමන් කැමති එකාට හරි එකීට හරි ලියන්න.

ඒ කියන එකී මේ ලෝක රහක් නැති එකියක් වුණත්, ඒ එකී තමන්ගේ ම ලිංගික පන්තියේ නියෝජනයක් වුණත් උන් මේ සටන අතරින්න සුදානමක් නෑ.

කොටින්ම ලෝකයාට බම්බු ගහගන්න කියලා උන් ලෝකෙටම විරිත්තන්න ගන්නවා. ඉන් එහා ජීවිතේ විඳින්න ගන්නවා.

තරු ප්‍රනාන්දු සහ එමී කියන්නෙත් හිටි හැටියේ මේ දූපතට කඩා පාත් වුණු ලෙස්බියන් ජෝඩුවක්. 

කයිවාරු කතන්දර කොපමණක් තිබුණා වුණත් උන් දෙන්නා ජීවිතේ විඳින හැටි ගැන, හුඟක් උන්ට ප්‍රශ්න කෝටියක් තිබුණා.

‘අපි දෙන්නා මෙහෙම ඉන්නකොට පේනවාද අපි දෙන්නා ලෙඩ්ඩු කියලා. මට හිතෙන දේවල් මෙයාට ගොඩක් හිතෙනවා, මෙයාටත් එහෙමයි.. මම කට වහන් ඉද්දි මෙයා අහනවා, ‘බේබි ඔයාට ප්‍රශ්නයක්ද ?’ කියලා. එයාට තේරෙනවා මාව… ඔයාට මම ඉන්නවනේ හැමදේටම කියනවා.’

සමලිංගිකත්වය කියන්නෙ බොහෝම බියගුලු වචනයක්. ඒ කියන්නෙ දැන් ඒක බොහෝ පිරිසකට හුරුපුරුදු එකක් වුණත්, කාලෙකට කලින් බිය උපදවන අන්දමේ දෙයක් වුණා.

සංස්කෘතික වැට කඩුළු වලට මෙහා උන් හෙන බය බිරාන්ත වුණා සමලිංගිකත්වය ගැන කතා පවත්වන්න.

උන් මේ දූපතේ ම කෙළවරක ඉඳන් ඒ විගඩම් රහ බැලුවා විනා ඒ වෙනුවෙන් හෑලි ලියන්නවත් උන්ට වෙලාවක් තිබුණේ නැහැ.

‘ඒක එහෙම මානසික ලෙඩක් වෙන්න බෑ ඉතින්.. ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් බැලුවම කවුරුත් කියන් නෑනේ මේක මානසික ලෙඩක් කියලා.. අපි මැරි කරනවා. ලංකාවේ බැහැනේ. එහේ ගිහින් මැරි කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවෝ හදන්නත් පුළුවන්. ලංකාවේ බැරිවුණාට එහේ පුළුවන්. එහෙම දේවල් තියෙනවා…’

තරු සහ එමී කියන්නෙ ලංකාවේ පළවැනි හෝ අවසාන ලෙස්බි කපල් එක නෙවෙයි. ඒත් ඒ දෙන්නා දූපතේ මිනිස්සුන්ට වෙනමම වුණු ආතල් එකක් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: