hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:10



නදීෂා, එක්තරා සිංහල අලුත් අවුරුදු උත්සවයක අවුරුදු කුමරිය තේරීමේ තරඟයේ ප්‍රථමස්තානය දිනාගන්නෙ ඇයට අවුරුදු 19දි.

විනිශ්චය මණ්ඩලයේ හිටපු අවුරුදු උත්සවයට අනුග්‍රාහකත්වය දක්වන ධනපති ව්‍යාපාරිකයා තරඟය පටන් ගත්ත වෙලාවේ ඉඳලා හිටියෙ නදීෂාට ඇල්ම බැල්ම හෙළමින්.

සියල්ල අවසානයේ ව්‍යාපාරික තැන නදීෂාට තනිව හමුවෙන්න යෝජනා කරනවා. තෑගි මුදලට අමතරව ඔහු තමන්ගෙ අතේ තියෙන රන් අත් පලඳනාව නදීෂාට තෑගි කරන්නෙ මේ වෙලාවෙ.

නදීෂා ඒ කිසිවක් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඒ වගේම ඔහු යෝජනා කරපු හමුවටත් එකඟ වෙනවා. ඒත් ඇය ඔහුගෙ පෞද්ගලික විස්තර කිසිම කිසිවක් ගැන දැනුවත් නෑ.

ඔහු නදීෂාව නගරයෙන් පිටත ලැගුම් හලකදි කිහිප වතාවක්ම මුණ ගැහෙනවා. තෑගි බෝග, ආදරය, විවාහා යෝජනා වැනි තුරුම්පු ගොඩක් එක්ක ව්‍යාපාරික අනිල් නදීෂාව කොළඹට අරගෙන එනවා.

ඒ විතරක් නෙමෙයි, හොඳ වැටුපක් එක්ක නවාතැන් පහසුකම්, ආහාර පාන සියල්ල නොමිලේ ලැබෙන රැකියාවකුත් ඇයට හොයලා දෙනවා.

නදීෂා ගමෙන් ඇවිත් එක්කාසු වෙන්නෙ නර්තන කණ්ඩායමකට. හැබැයි රාත්‍රී සමාජ ශාලාවක. නදීෂා කොළඹ ජීවිතේට හුරු පුරුදු වෙන්නෙ අනිල්ගෙ පෙම්වතිය විදිහට නෙමෙයි. ඒකට හේතුව වෙන්නෙ, අනිල්ගෙ එකම පෙම්වතිය තමන් නොවන බව නදීෂා රැකියාවට ආවට පස්සෙ දැනගන්න එක.

ඒත් ඔහු නදීෂාව සම්පූර්ණයෙන්ම අමතක කරන්නෙ නෑ. නදීෂාත් තමන්ට ලැබෙන තෑගි බෝග නිසාම කිසිම වෙලාවක අනිල්ව මග අරින්නෙ නෑ.

අනිල් සේවය කරන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ දේශපාලකයෙකුගෙ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් විදියට. වතාවක් අනිල්ගෙ මහ තැන අනිල්ගෙ නිවසට එනවා රාජකාරි වැඩක් අතරතුර. නදීෂා ඒ වෙලාවේ ඉන්නෙ අනිල්ගෙ ගෙදර.

අදාල දේශපාලකයාට නදීෂාව මුල් වතාවට නිරාවරණය වෙන්නෙ ඒ වෙලාවෙ.

නදීෂාගෙ දෛවය වෙනස් වෙන්නෙ එතනින්. දේශපාලඥයා නදීෂාව වෙනම මහල් නිවාසයක නතර කරනවා. ඇයට සියලු පහසුකම් සපයනවා. නදීෂාටත් වඩා වයසින් වැඩි දරුවන් ඉන්න මේ සීනි පියා දේශපාලඥයාගේ ප්‍රියතම පෙම්වතිය බවට පත් වෙන්න නදීෂාට වැඩි කලක් යන්නෙ නෑ.

හැබැයි එක දවසකදි නදිෂා වැඩ වරද්දගන්නවා.

“එදා අනිල්ගෙ නිවාඩු දවසක්. බොස් කොළඹින් පිට ගියා කියලා අනිල් එදා මාව බලන්න අපාට්මන්ට් එකට ආවා. අපාට්මන්ට් එකට ගියාට පස්සෙ එදා තමයි අනිල් ඉස්සෙල්ලාම එහෙට ආවේ..

එදා අනිල් මාත් එක්ක ඉඳලා ගෙදර ගියේ රෑ එකට විතර. දෙක පහු වෙද්දි බොස් ආවා. මම නිදාගෙන හිටියේ. එයා එයාගෙ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට ඇවිත් මාව කොණ්ඩෙන් ඇදගෙන බිම දාගෙන මට හොඳටම ගැහුවා. මං ඇයි කියලා ඇහුවා. ඇඬුවා. කෑගැහුවා.. මාව හොඳටම තුවාල වෙලා ඒ වෙනකොට.

ඊටපස්සෙ එයාගෙ ගාඩ් කෙනෙක් ලැප් එක ඔන් කරලා.. වීඩියෝ ක්ලිප් වගයක් දාලා පෙන්නුවා.

ඒකෙ ප්ලේ වුණේ මායි අනිලුයි ගෙදර හැමතැනම ….. එයා බාතෲම් එකේ පවා CCTV හයි කරලා තිබිලා තියෙන්නෙ. හැමතිස්සෙම ඒවගෙන් මම කරන කියන දේවල් බලන් ඉන්න ගාඩ් කෙනෙකුට වෙනම බාර දීලා තිබිලා.

එයා කිව්වා අනිල්ට ආයෙ කවදාවත් කිසිම ගෑනියෙක් එක්ක ඉන්න වෙන්නෙ නෑ කියලා… මං තවමත් දන් නෑ එයාට බොස් මොනවා කරාද කියලා. කවුරුත් එයා ගැන තොරතුරක් දන්නෙ නෑ….

මට මෙතනින් ගැලවීමක් නෑ. මේ මනුස්සයා නම් තව වැඩි කාලයක් ඉන්න එකක් නෑ. දැනටත් ලෙඩ ගොඩක්. තනිකරම වාට්ටුවක්. කොයි වෙලේ හරි මේ මනුස්සයා මැරිලා යනකල් මට ඉන්න වෙන්නෙ මේ හිර ගෙදර හිර කාරයෙක් වගේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: