hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:02



පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාන ජාවාරමක් වැටලීමට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

වයස අවුරුදු 14 ක දැරියක් මත්ද්‍රව්‍ය භාවිතා කරන මෙම දර්ශන වට්ස් ඇප් සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුනා.

කිසිදු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතළ මේ සිදුවීමට සම්බන්ධ දැරිය මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිදුකළ විමර්ශනයේදී හෙළිවුයේ.

ඒ අනුව අදාල දැරිය කඩිනමින් පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

අදාල වැඩිහිටියා වයස අවුරුදු 56ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළි වුණා.

දැරිය මත්ද්‍රව්‍ය භාවිතා කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන් ද මත්ද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාල පුද්ගලයා සැලසුම් කර ඇත්තේ.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ අධීක්ෂණය මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: