2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:02
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් උපන් දරුවා භාරගෙන තමාව විවාහ කර ගැනීම සදහා ඉස්ලාම් ආගම වැළඳගන්නා ලෙස කාන්තාවක් විසින් පුද්ගලයෙකුට බලපෑම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.
එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඉස්ලාම් ජාතික කාන්තාවක් විසින් එම ප්‍රදේශයේම පදිංචිව සිටි සිංහල පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
37 හැවිරිදි එම පුද්ගලයා සමඟ පැවති මෙම අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ගැබ්ගෙන ඇති එම කාන්තාව ඉකුත් මස 19 වනදා පුත්තලම මූලික රෝහලේ දී ගැහැණු දරුවෙකු ප්‍රසූත කර ඇත.
එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා විසින් දරුවා සහ කාන්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එහිදී කාන්තාව මේ බව පවසමින් වනාතවිල්ලුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
අනතුරුව පොලීසිය විසින් මෙම පුද්ගලයාව කැඳවා පැමිණිල්ල විභාග කිරීම අරඹා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ දරුවා පමණක් භාර ගැනීමට තමන් කැමති බවයි
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:09
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25