hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:02



අවුරුදු සමයට අනුරාධපුරට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ආදිවාසී තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, නිදන්ගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ලැගුම්හලක සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

මෙහි සිටි කාන්තාවන් කිහිපදෙනකුට නිවාඩු ලබාදී ඇති බවත්, අත්අඩංගුවට ගත් එක් කාන්තාවක රත්මලාන ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක වන බවත් පොලිසිය කියයි. අනෙක් කාන්තාව මහියංගණය දඹාන නිදන්ගල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආදිවාසී තරුණියක බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිරිමි සැකකරුවන් දෙදෙනකු සිටින බවත් ඉන් එක් අයකු ලැගුම්හලේ සේවයේ නිරතව සිටි අයකු බවත් අනෙක් පුද්ගලයා මෙම ලැගුම්හල පවත්වා ගෙන ගිය පුද්ගලයා බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙරත් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා පොලිස් අත්අඩංගුවට ගත් අයකු බවත්, ඔහු අනුරාධපුර මාතලේ හන්දිය, කුරුන්දන්කුලම සුසාන භූමිය අසල කොන්ක්‍රීට් වැඩපළක් පවත්වා ගෙන යන අයකු බවත් පොලිසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: