hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:01



මේ කියන්න යන්නේ හද කම්පා කරන තවත් පුවතක්..

ඇය නෝර්වේ රාජ්‍යයට යන්න ඇත්තේ හීන ගොඩක් එක්ක…

ඒත් නොසිතූ ලෙස ජීවිතය හැරදා යන්නට අද ඇගේ පෙම්වතාම හේතුවක් වෙලා.. වරදරාජන් රාඝවි, ඇය 30 හැවිරිදි මෙම දන්ත වෛද්‍යවරියක්.. ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ ජාතිකයෙක්.. ඔහුත් සමඟ කාලයක් එකට හිඳි වරදරාජන් මේ සම්බන්ධය ඒ තරම් දුර දිග ගෙනියන්න බැරි බව තීරණය කරන්නේ මේ කතාව ටික දුරක් ගියාට පස්සෙයි..

ඒත් එතකොට ඇගේ ජීවිතයට එක එක විදිහේ තර්ජන එල්ල වෙලා ඉවසගන්න බැරි තැන ඇය ඒ වෙනුවෙන් නීතියේ පිහිට පැතුවත්, ඇයට ඊට විසඳුමක් ලැබී නැහැ… එන්න එන්නම එක එක විදිහේ දරුණූ දේවල්වලින් ඇයට සංග්‍රහ කළ ඇගේ පැරණි පෙම්වතා හදිසියේම ඇයගේ ජීවිතයෙන් පළිගත්තේ කාලයක් ඔහුගේ සිතෙහිවූ ඒ තරහට වෙන්න ඇති..

ඉතින් මේ බලන්නකෝ අවසානයේ ඇගේ ජීවිතය මේ  වගේ අවාසනාවන්ත ඉරණමකට ලක්වෙන්න කලින් මීට නිසි විසඳුම් සොයාගන්නට බැරි වුණේ ඇයි… වරදරාජන්ගේ මරණයට  එරට නීතියෙන් සාධාරණයක් ඉටු වේවිද..නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි තරුණියක හා තරුණයකු නෝර්වේ ජාතිකයකු විසින් රෝහල්ගතකොට තිබුණේ ජනවාරි මස 1 දායි.. කෙසේ වෙතත් අදාල පෙම්වතා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: