hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:01



හිටි හැටියේම දරු පවුල අමතක වුණ මේ සැමියා බිරිඳටත් දරුවන්ටත් හොරෙන් කරලා තියෙන්නේ අපූරු වැඩක්..

කොහොම හරි අවසානයේ වසර ගාණක් අතුරුදන් වෙලා හිටිය සැමියා හමුවුණ තැන ගැන ඇහුවොත් ඇත්තටම මේ හැමෝම ගොඩක් පුදුම වේවි.. 

හරියටම වසර 15ක්… මේ පුද්ගලයා නිවසෙන් අතුරුදන් වෙලා ඉඳලා තියනවා.. ඒත් ඒ ගැන හොයන්න බිරිඳවත් දරුවෝ වත් ඒ තරම් උනන්දු වෙලා නැහැ.. ඒ ඔහුගේ වෘත්තිය නිසා..

මීට වසර 15 කට පමණ ඉහතදී දිනක් නිවැසියන්ට නොදන්වා ඔහු අතුරුදන් වෙලා… නිවැසියන් ඔහු ගැන සොයා බැලු‍වත් තොරතුරක් නැත.. ඔවුන් සිතුවේ පතල් නඩයක් සමග කොහේ හෝ යන්න ඇතැයි කියායි..

වසර කීපයකට පසුව ඔහු ගැන තොරතුරක් ලැබුණා… ඔහු රත්නපුර ප්‍රදේශයේ පතල් වැඩපළක සිටින බවත් එම ගමේ සැමියා නැති දරුවන් සිටින නිවෙසක පදිංචි වී සිටින බවයි… තොරතුර ලැබුණත් නිවැසියෝ ඔහු සොයා යෑමටවත් වෙනත් තොරතුරක් දැන ගැනීමටවත් උනන්දුවක් නොදැක්වූවා…

දිනක් සවස ඔහු ගමන් මල්ලක් ද කර තියාගෙන නිවෙස බලා පිය මැන්නේය. නිවෙසට එනවිට බිරිය සහ එක් දරුවෙක් නිවසේ ආලින්දයේ සිටියා… එහෙත් ඔහු නිවෙසට ඇතුළු වෙනවාත් සමගම බිරිය ඔහු දෙසවත් නොබලා ගෙතුළට ගියා…
දරුවා පියා වෙත ගොස් ගමන් මල්ල අතට ගෙන වාඩි වෙන්න යැයි කියනවාත් සමගම ඔහු එක් වරම බිම ඇද වැටුණා… ඔහු ඇද වැටෙන හඬ ඇසී බිරියද සාලයට පැමිණි අතර පුතා වහා කුස්සියට ගොස් වතුර වීදුරුවක් ගෙන මුහුණට ඉස “තාත්තා” යැයි ආමන්ත්‍රණය කළා…

ඒ සමගම නැගී සිටි ඔහු කිසියම් දිෂ්ටියක් ආරූඪ වූ ආකාරයෙන් රංගනයක යෙදීමටත් විවිධ දේ කියමින් දොඩවන්නටත් වුණා..

මොකද තාත්තේ මේ වෙන්නේ…? පුතා විමසුවේ කිසිත් සිතා ගත නොහැකිවයි.. එවිට ඔහු පැවැසුවේ තමන් රත්නපුර ප්‍රදේශයේ පතල් වැඩපළකට ගිය අතරේ කිසියම් කෙනකු තමන්ට කොඩිවිනයක් කර නිවෙසක නතර කළ බවයි.

කොඩිවිනයේ බලය දුර්වල වූ නිසා තමන්ට වසර 15කින් නැවත නිවෙසට පැමිණීමට හැකි වූ බවත් වහා මෙම කොඩිවිනය කපා ඉවත් නොකළහොත් නැවතත් එහි ගමන් කිරීමට හෝ මිය යෑමට ඉඩ ඇති බවක්… ඔහු එම කතාව පවසා නැවත සිහිසුන්ව බිම ඇද වැටුණා…

විනාඩි කීපයකින් ප්‍රකෘති සිහිය ලද පසු පුතා පියා පැවැසූ දේ ගැන විමසුවා… එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට තිබෙන බන්ධනය වහා ඉවත් කිරීමට පියවර නොගතහොත් තමන් මිය යෑමට ඉඩ ඇති බවයි.. ඒ නිසා අහවල් ගමේ ඉන්න කට්ටඩියා ගෙන්වා හෙටම මේ බන්ධනය කපා ඉවත් කරමු යැයි ඔහු පුතාට යෝජනා කලා..

ඒ අනුව ඔහු පසු දින ගමේ කීප දෙනකුට මේ ගැන පවසා අසල ගමක පදිංචි කට්ටඩියාට ද ආරාධනා කර නිවෙසට පැමිණි අතර ගමේ හිතවතුන්ගේද සහයෝගයෙන් පසු දින සවස පැත්වීමට නියමිත තොවිලයට සූදානම් වුණා..
නියමිත දින නියමිත වේලාවට කට්ටඩියාත් බෙරකරුවාත් නිවෙසට පැමිණියා…

තොවිලයට අවශ්‍ය පරිසරය ගැමියන් විසින් සකස් කරනු ලැබූ අතර රාත්‍රී 9.00 ට පමණ යාතිකාව ආරම්භ වුණා… මෙය නැරඹීමට ගමේ විශාල පිරිසක්ද රැස්ව සිටිය.. බෙරකරුගේ බෙර පදයටත් කට්ටඩියාගේ ළයාන්විත ගී ගායනයටත් දෑත් සොළවමින් පාද තබමින් ඔහු ද රංගනයක නිරත වුණා..

රාත්‍රී 12ට පමණ එක් වරම රෝගියා යක්ෂාරූඪ වූවකු මෙන් පසෙක තිබූ පොල් මලක් ගෙන “මාගේ බන්ධනය දැන් ඉවරයි.. දැන් මම නිදහස්.” යැයි හඬ නගා කියමින් බෙරකරු වෙත කඩා පැන ඔහුටත් යකැදුරාටත් පහර පිට පහර දෙන්නට විය.. එම පහරදීම නිසා තොවිලය එතැනින්ම නිමා වූ අතර කට්ටඩියාත් බෙරකරුත් එම මොහොතේම ස්ථානයෙන් පිටව ගියේ තමන් අතින් යම් වැරැද්දක්වත් සිදුවුණාදෝයි සිතමිනි.. ගැමියන්ටද මෙය ගැටලු‍වකි..

පසු දින ගම පුරා පැතිර ගියේ නිවෙසට පැමිණීමටත් බිරිඳ සහ දරුවන්ගේ ගෝරනාඩුවෙන් මිදීමටත් මෙලෙස බොරු ආරූඪයක් ගත් බවත් කට්ටඩියාට සහ බෙරකරුවාට මුදල් නොදීමට මෙලෙස ඔවුන්ට පහර දී පලවා හැර ඇති බවයි…

මෙම සිදුවීම ගමේ කඩපිලේ කතා බහක් වීම නිසා දින කීපයක් ගතවනතුරු කඩ මණ්ඩියට යෑමට ඔහුට නොහැකි වුණා.. දැන් ඔහු දකින ගමේ කොල්ලන් අහන්නේ “ආ…. මාමා තොවිලයක්වත් නටමුද?” කියාය. එහිදී ඔහුගේ මුවින් පිටවන වචන කිසිවකුට අසා සිටීමට නම් බැරිය…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: