hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:00



මගේ මහත්තයා මාව ඩීල් කරන්නේ සිංගප්පූරුවේ.

මට අවුරුද්දයි මාස 08 ක පුතෙක් ඉන්නවා. එයා මාව විතරක් නෙමෙයි මාස දෙක තුනකට සැරයක් ගෑණු ළමයි හතර පස් දෙනෙක් සිංගප්පූරුවට එක්ක යනවා.

මට මේවා කියන්න කවුරුත් නෑ, මගේ කතාව රටේ අනෙක් ගැහැණු ළමයින්ටත් පාඩමක් වේවි.ඇය එක දිගටම කියාගෙන ගියාය.

ඇගේ නම සඳුනි. ඇය පාසල් ගියේ රත්නපුරේ ජනප්‍රිය පාසලකටය.

සඳුනි මේ ලෝකේ එළිය බලන්නේ ඇගේ තාත්තාගේ අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් හැටියටය.

ඒ වැඩි ඇතක නොවේ මීට අවුරුදු 22 කට පෙරාතුවය.

සඳුනිගේ කිරි සුවද ගෙවී යන්නේ විශ්වාස කරන්නවත් බැරි විදිහටය.

පුංචි සඳුනි ඉදිරිපිටම තාත්තාත් , අම්මාත් අඹූසැමියන් විදිහට ලිංගිකව හැසිරෙන්න තරමි මේ තාත්තා අමනුස්සයෙක් වෙනවා.

ඒ විතරක් නොවෙයි තාත්තාට මත්පැන් නැති දවසට යාළුවෙකුට බෝතලයක් ගේන්න කියලා යාළුවට අම්මා එක්ක හැසිරෙන්න ආරාධනා කරන්නෙත් මේ පුංචි සඳුනි ඉදිරිපිටමය.

ඔය අතරතුරේදී මේ හැම පීඩනයක්ම දරාගෙන ඇය පාසල් යනවා.

කලවාන ජනප්‍රිය පාසලක සදුනි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දී සඳුනිගේ තාත්තාගේ පෙර විවාහයේ පුතා අතින් ඒ කියන්නේ සඳුනිගේ අයියා අතින් රබර් වත්තක් මැද්දේදී පුංචි සඳුනිගේ ජීවිතේම විනාශ වෙනවා.

ශිෂ්‍යත්වය ලියන්න සූදානම් වෙන මේ පුංචි මල් කැකුළගේ අවනඩුව ඇය කාටවත්ම නොකියා කිරිකැටි හදවගේ හංගා ගන්නවා.

රබර් කොළ උඩට වැටෙන ලේ බිංදුත් , කිරි බිංදුත් හඳුනාගන්න බැරි තරමට ඒ සිදුවීම අස්වාභාවික වෙනවා.

උඹ ගෙදරට කිව්වොත් මම උඹව මරලා හංගනවා.

එකම ලේ සංසරණය වන මේ පාපතර සහෝදරයා අවසානයේ ඇයට එලෙස පවසනවා.

දින, සති , මාස ගෙවි යද්දි ඇය 8 වෙනි ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට පෙනී සිටලා ගෙදර සිටින එක රාත්‍රියක අහස පොළොව නුහුලන අතිශය බල කිරීමකට ලක් වෙනවා.

අම්මා මාත් එක්ක ඉන්න විිදිහට අද උඹ මාත් එක්ක ඉන්න ඕනේ.

ඇය තුෂ්ණිම්භූත වෙනවා. බයට වෙව්ලිල්ල හැදිලා මල් වැටුණු ගවුම් කොටේ චූ යන තරමට ඇය බියට පත් වෙනවා.

අම්මේ මාව බේරා ගන්න ….. තාත්තගේ බුර බුරා නගින රාගික ගින්දරට පිච්චි පිච්චි ඒ රාත්‍රියේම ඇය ගෙදරින් පැනලා යනවා.

එතැන් සිට ඇය ඇයගේ කතාව පැවසුවේ මේ ආකාරයට …..

එදා රෑ සඳුනි කොහෙද ඉන්නේ ?
මගේ ඥාතියකුගේ ගෙදර. ඊට පහුවෙනිදාම ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයක වේටර්වරියක් විදිහට මම වැඩට
එක්කන් ගියා.

මොනවද කළෙ?
මට තිබුණෙ මේස වලට කෑම බීම ගෙනියන්න. මට එතනදී තව යාළුවෙක් හමුවුණා.

ඊට පස්සේ ?
අපි කොච්චර වැඩ කළත් වැඩක් වුණේ නැහැ. හැමදාම බැණුම් දවසක් මමයි මගේ යළුවා මේනකායි එතැනිනුත් පැනලා යනවා.

එතකොට වයස කීයද ?
අවුරුදු 15 යි. මට තාම මතකයි අපි දෙන්නගේ අතේ රුපියල් 4000 ක් තිබුණා. ඒ හාරදාහ ඉවර වෙනකල්ම ගාල්ලෙන් කොළමටත් ආයෙත් මාතරටත් ආයෙමත් කොළඹටත් ආවා. අපි අන්තිමට නතර වුණේ අලූත්ගම ස්ටේෂන් එකේ. සිල්පර කොටන් ගොඩක් උඩ.

ඊට පස්සේ මොකද වුණේ ?
එතැනදී අපිට අක්කා කෙනෙක් හම්බවෙලා අපිට මොරටුවට එක්කන් ආවා. එයා පොරොන්දු වුණා අපිට රස්සාවක් දෙනවා කියලා. ඊට පස්සේ රත්නපුරේ ගාමන්ට් එකකට එක්කන් යනවා කියලා මාව එක්කන් ආවා. මේනකා ආවේ නැහැ. එයා ගෙදර ගියා.

රත්නපුරේ ගාමන්ට් එකට ගියාද ?
උදේ පාන්දර රත්නපුරේට එක්කන් ගිහින් අක්‍රමි කියන කෙනාට මාව භාර දුන්නා. පස්සෙයි මම දැන ගත්තේ ඒ අක්කා අක්‍රම්ට මාව රුපියල් 20,000 කට විකුණලා අක්‍රම් කියන්නේ රත්නපුරේ ගොඩක් අය දන්න කෙනෙක් එයා මාව කොණ්ඩ කපිලට විකිණුවා.

කොණ්ඩ කපිල කියන්නේ කවුද ?
රත්නපුරේ අය නම් දන්නවා. එයා ගෑණු ළමයි විකුණනවා. නීති විරෝධී බිස්නස් කරන කෙනෙක්.

කොණ්ඩ කපිල ඔයාට රස්සාවක් දුන්නද ?
මට එතකොට අවුරුදු 16 යි. එයා ගාවට ආව වයස අඩුම ළමයා මම. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. කපිලට මම එකග වුණා.

මොනවටද ?
ඉස්සෙල්ලාම එයාට මාත් එක්ක ඉන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මාව ඩීල් කළා.

ඩීල් කලා කියන්නේ ?
එක එක අයට විකිණුවා.

ඔයාව කීයටද විකිණුවේ ?
මාව ඒ දවස්වල කපිල විකිණුවේ රුපියල් 5000 කට .

හැමදාම ඔයාට ගණුදෙනු කරුවෝ හිටියද ?
ඔව්. රත්නපුරේටම හිටිය අඩු වයස කෙල්ල මම. ඒ නිසා කපිල මාව ලොකු ගණන් වලට විකිණුවා.

කපිල ඔයාට හොදට සැලකුවද ?
ඇත්තටම ඔව්. ටික දවසක් යද්දී මට මරුටි කාර් එකක් පවා අරන් දුන්නා. අපි දෙන්නා එකට ජීවත් වුණා. 2005 ඉදලා 2008 වෙනකල් කපිල මාව ඩීල් කර කර එකට ජීවත් වුණා. 2008 දී තමයි අපේ ගෙස්ට් එකට පොලිසියෙන් පැනලා මාව ඇතුළට ගියේ .

ඇතුළට කියන්නේ ?
බන්ධනාගාරයට.

බන්ධනාගාර ගතවෙන්නේ ගණිකා වෘත්තියේ නියැළුණාටද ?
ඔව්. ඒක විතරක් නෙමෙයි කපිලගේ වැරදි වලටත් මට වග කියන්න වුණා.

ඇයි කපිල එක්ක දිගටම හිටියේ නැත්තේ ?
කපිල හම්බනරන සල්ලි වලින් මට සතයක්වත් දුන්නේ නැහැ. කන්න , බොන්න සැලකිලි තිබුණා . ඒ නිසා මට තනියම දියුණු වෙන්න ඕනෑ වුණා.

ඔයා දියුණු වෙන්න තොරා ගත්තේ ඒ වෘත්තියමයි ?
ඔව් …මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

ඒ කාළේදී අම්මා , තාත්තා මතක් වුණේ නැද්ද ?
මම එයාලව බලෙන්ම අමතක කළා.

දැන් ඔයා විවාහ වෙලා එතකොට ඔයාගේ ස්වාමිපුරුෂයා හමුවේන්නේ කොහොමද?
එතකොට මම ගම්පහ තමයි ජීවත් වුණේ. මම තනියම ඩීල් වුණා. එතකොට මම ගොඩක් මත්පැන් පාවිච්චි කළා. මම දවසකට සැන්ඩි නැතුව අරක්කු තුන්කාලක් බොනවා. සිගරැටි පැකට් දෙකක් දවසකට බිව්වා.

ඇයි කසාද බදින්න හිතුවේ ?
කමල් හුමවුණේ ඔය අතරේදී. එයා මට ආදරේ කරන්න පටන් ගත්තා. එයා තමයි මට සිංගප්පූරු යං කියලා යෝජනා කළේ. මට පාස්පෝට් හදන්නවත් වයස මදි බොරු වයසක් දාලා පොත හැදුවා. ඊට පස්සේ කමල් මාව සිංගප්පූරු එක්කරන් ගියා.

සිංගප්පූරු ගියේ මොන අවුරුද්දේද ?
2009 දී එයා මාව සිංගප්පූරුවේ ගෙලාන් වලට අරන් ගියා.

එහිදී ලංකාවේ තව ගෑණ ළමයි හම්බවුණාද ?
ඔව්. ගෙලාන් කියන්නේ සිංගප්පූරුවල තියෙන ගණිකාවන්ගේ වීදි තියන නගරේ. ඒ දවස් වල ඒ වීදි වල ඔක්කොම කෙල්ලෝ දෙතුන් දාහක් හිටියා. එයින් ලංකාවේ කෙල්ලො 500 ක් වත් හිටියා.

කවුද එහෙ ලංකාවේ ගැහැණු ළමයි ඩීල් කරන්නේ ?
කමල් එක්ක තමයි මම ගියේ. මට එහිදි අපි වගේ කපල් කිහිපයක් හමුවුණා. ඩයස් -චන්දිමා කියන්නෙත් අපි වගේ කපල් එකක්. පැනියා – චතූ මේ හැමෝම එකට ජීවත් වෙන ගමන් තමන්ගේ ගෑණි විකුණන රස්සාව කරන්නේ.

ප්‍රධානියෙක් නැද්ද ?
ඉන්නවා. ලංකාවේ කෙල්ලන්ගේ ප්‍රධානියා මානව. එයා තමයි ගෙලාන් රන් කරන්නේ. මානව කිව්වහම අදටත් සිංගප්පූරුවේ ඕනෙම කෙනෙක් දන්නවා.

ඔයාට සිංගප්පුඍැවේදී හම්බවුණේ ලංකාවේ පිරිමිද ?
නෑ . අපිට ලංකාවේ අයත් එක්ක යන්න තහනම්.

ඇයි ඒ ?
සම්බන්ධතා හදා ගනී කියලා එයාලා ලංකාවේ අයට අපිව විකුණන්නේ නැහැ.

කාටද විකුණන්නේ ?
ඉන්දියන්, බංගලිදේශ්, අරාබි ඊට පස්සේ සුද්දන්ටත් අපිව විකුණනවා.

කීයටද විකුණන්නේ ?
ඩොලර් 25 ඉදලා 50 දක්වා විකුණනවා.

ඔයාගේ මිල කියක් වූණාද ?
මම ගියේ ඩොලර් 40 ත් 50 ත් අතරේ.

දවසකට කී දෙනෙක් එක්ක ඉන්නවාද ?
දවසකට පිරිමි 20- 25 අතරේ හිටියා.

කොහොමද එච්චර ඉන්නේ ?
එක පිරිමියෙක් එක්ක අපිට ඉන්න වෙලාවක් තියෙනවා. උපරිම විනාඩි 10 යි 15 යි. ඉන්දියන් උන්ව , බංගලි උන්ව නම් අපි රූමි එකට අරගෙන තග දාලා ඉක්මනට එළියට යවනවා.

නිවාඩු නැද්ද ?
නැහැ. අඩුම තරමේ ගැහැණියකුට ඔසප් දවසටවත් නිවාඩු නැහැ. එදාට අපිට ලොකු පුළුන් බෝල දෙනවා. ඒවා ශරීරය ඇතුළේ දාගෙන තමයි වැඩ කරන්නේ. පිරිමි කවුරුත් දන්නේ නැහැ අසනීපයි කියලා.

සිංගප්පූරුවේ නිති ගොඩක් තදයි. නීතියෙන් බාදා නැද්ද?
ගෙලාන් වල කෙල්ලො වැරදි වැඩ කරනවා නම් අල්ලන්න එන්නේ ඇන්ටිවයිසර්ලා. ඒ අය එනකොට අපිට නිව්ස් එක එනවා. අනික අපිට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් බේරාගන්න වෙනම ගැන්ස්ටර්ලා ඉන්නවා.

ඒ කියන්නේ ඔයාලත් චණ්ඩි ?
ඔව් .. මම දවසක් ඉන්දියන්කාරයෙකුගේ දතක් ගැලවෙන්න ලැහුවා. එහෙම නැතිව ජීවත් වෙන්න බැහැ.

එතකොට ඔයාට බඛෙක් ලැඛෙන්නේ කොහොමද ?
කමල්ගේ අතින්. කමල් මට හම්බවෙන සල්ලි ඔක්කොම ගත්තා. මට ගෙව්වේ පඩියත්. රුපියල් හැත්තැපන්දාහක් විතර මට ගෙව්වා. අනිත් සල්ලි එයාට.

කමල් ඔයාව කසාද බදින්න කැමති වුණාද ?
ඔව්. එයා ඇත්තටම මට ආදරේ කළා. අපි බැදලා ලංකාවට ඇවිත් කොළඹින් ගෙයක් කුළියට අරන් ඩීවත් වුණා.

කොච්චර කාලෙකටද ?
දැන් පුතාගේ වයස අවුරුද්දයි මාස 08 යි. තවමත් අපි එකට ඉන්නේ. හැබැයි කමල් මාස 2ක තුනකට සැරයක් ගෑණු ළමයි අරගෙන තවමත් සිංගප්පූරු යනවා.

ඔයා එපා කියන්නේ නැද්ද ?
කියනවා. ඒත් වැඩක් නැහැ. එයාට හුරු රස්සාව එයාට නවත්තන්න බැහැ.

ඔයා කමල් ගැන දන්නේ මොනවද ?
එයා දැන් ගෑණු ළමයි ඩිල් කරන කෙනෙක්. කියලා දන්නවා. මම නිකන් වැඩකාරියක් වගේ දැන් එයා තියාගෙන ඉන්නේ.

ඔයා ඊට පස්සේ සිංගප්පූරු ගියේ නැද්ද ?
ගියා. කමල් මට වියදම් කරන්නේ නැති වුණා. එයා ගොඩක් ණය වෙලා හිටියා. ඊට පස්සේ කමල්ගේ අම්මට බබාව බලා ගන්න කියලා මාස 04 කට මම ආයෙත් සිංගපූරු ගිහින් ආවා.

ඔයාට මිනිස් සම්බන්ධතා වල ඛධඪෑ කියලා දෙයක් දැනිලා නැද්ද ?
මට කමල්ගෙන් මුල් දවස්වල එහෙම දෙයක් දැනිලා තියනවා.

කවමදාවත් ආදරණිය ලිංගික හමුවීම් හමුවෙලා නැද්ද ?
නෑ …..
ඉන්දියන් කාරයෝ, බංගලි උන් විතරක් නෙමෙයි. ලංකාවේ උනුත් සෙක්ස් වලට පෙරේතයි. හරි ප්‍රචන්ඩයි. මට හමුවෙච්ච පිරිසගෙනි සුද්දො විතරයි ඒ වැඩේදි විනයක් තියෙන්නේ.

ඔයාගේ ජීවිතේ තවම 22යි. දැන්වත් තීරණයක් ගන්න බැරිද?
තවමත් බෑ. මට සල්ලි ඕනේ. පොඩි එකා හදාගන්න ඕනෙ. මට ඕනෙ එකම දෙයයි. මම ගැන දැනගෙන තව ගැහැනු ළමයෙකුට මේ තත්වයට වැටෙන්නට තියන ඉඩ අහුරන එක.

පසු සටහන.
සඳුනිගේ තළෙලූ සුන්දර රූපකායත්, ඉදහිට කදුලින් බොඳවන නිල්පාට ඇසුත් ඉදිරිපිට මා ඇයගෙන් සමුගැනීමට සූදානම් වෙද්දී ඇය මගෙන් ඉල්ලීම් කිහිපයක් කලා.
අයියේ මට ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා. අනිත් එක මම මෙතනින් එහාට මොනවද කරන්න ඕනෙ කියල ඔයාම කියන්න. මට කාත් කවුරුත් නෑ.
සඳුනිගේ කතාවේ සියළුම නම් ගම් මනකල්පිත නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. නමුත් සඳුනි මගෙන් ඇසූ ප්‍රශ්නයම මම ඔඛෙන් අසමි.

සඳුනි මෙතනින් එහාට මොනවද කරන්න ඕනෙ?

උපුටා ගැනීමකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: