2023 ජූලි 25, පෙ.ව. 12:28
 
            
වයස අවුරුදු 15 ක එම බාලවයස්කාර පාසල් දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කළ බව කියන 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් ගමන නිමා කර ඇති දහහත් හැවිරිදි තරුණයෙක්.
මෙම අතරවයට පත් දැරියගේ හොඳම මිතුරියක් ඇය හා පෙම්වතා සමග පැවති සම්බන්ධය, එම දැරියගේ මවට පවසා තිබෙනවා.
පසුව එම මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි.
පසුව එම දැරිය සිදු වූ සියල්ල මිතුරියට පවසා ඇති අතර තම යෙහෙලිය මෙම වැරදි මාර්ගයෙන් මුදවා ගැනීම සඳහා ඇය ඒ බවැ මිතුරියගේ මවට පවසා ඇති බව පොලීසිය කියයි.
පසුව දැරිය මව සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර දැනට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළා.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25