hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 9:43



වයස අවුරුදු 8ක දැරියක් ගමන් මල්ලක දමාගෙන පැහැරගෙන ගිය පුවතක් පිලිපීනයෙන් වාර්තා වෙනවා.

ඇයව පැහැරගන්නා අවස්ථාව වනවිට නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිවස වෙත පැමිණි දැරියගේ මව නිවසේ දැරිය නොමැති බව දැක කඩිනමින් CCTV දර්ශන පරීක්ෂා කර ඇත.

එහිදී නිවාස සංකීර්ණයේ සැකසහිත ලෙස ගමන් මල්ලක් රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව සැකසිතී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එලෙස ගමන් මල්ලේ දමාගෙන ගිය දැරිය නිරුපද්‍රිතව බේරාගෙන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවාස බලාගැනීමේ සේවයේ නිරත පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම නිවැසියන්ගෙන් පළිගැනීම සඳහා මෙලෙස දැරිය පැහැරගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: