hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 2:02



තමිල්නාඩුවේ අතිශය ජනප්‍රිය රියලිටි වැඩසටහනක් වන ”Sa Re Ga Ma Pa L’il Champs” තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ යාපනයේ දැරියකට හැකි වී තිබෙනවා.

ඇය මෙම තරගයෙන් ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරය දිනා ගනිමින් ඉදිරියටම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය නමින් කිල්මිෂා වන අතර ඇය 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වනවා.

කෙසේ වෙතත් කිල්මිෂා මේ වන විට තරග විනිසුරුවන් අතර ද ඉතා ජනප්‍රිය වී ඇති අතර ඇයට උපතින්ම උරුම වී ඇති මිහිරි හඬ නිසා උසස් ප්‍රතිචාරයන්ද හිමි කර ගැනීමට සමත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රියැලිටි ප්‍රසංගයේදී කිල්මිෂා පිළිබඳව විනිශ්චය කිරීමට ඉන්දියාවේ ප්‍රකට සංගීත ශිල්පීහු සහ ගායනවේදීහු එක්ව සිටියා.

ගී ගැයීමෙන් පසු ‘ඔබේ රට කුමක්ද’ යන්න ඇගෙන් විමසූ අවස්ථාවේදී ඇය ‘මම ශ්‍රී ලංකාවේ’ යැයි කීවා.

ඔබේ ගම කොහේදැයි ඇසූ විට ඇය යාපනයේ බව කීවා.

විනිසුරු මඬුල්ල කිල්මිෂාගේ ගායන හැකියාව මහත් ඇගයීමට ලක්කරද්දී ඇගේ දෙමාපියන් සහ සොහොයුරා ද එම සතුට පළ කළේ විනිසුරුවරුන් සමග එක්ව සතුටු කඳුළු වගුරුවමින්.

තමිල්නාඩුවේ පැවැති මෙම රියැලිටි වැඩසටහනේදී තරග වට කිහිපයකින්ම ජය ලැබූ කිල්මිෂා ගායනා කළ සියලු ගීත විනිසුරුවරුන්ගේ මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ ද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: