2023 සැප්තැම්බර් 01, පෙ.ව. 12:14
“සර් මාව මේකෙන් එළියට ගන්න බැරිවෙයි.. ගෑනි අන්තිමට ලෝයර් මහත්තයට එහෙම කිව්වේ යකඩ කූඩුව ඇතුළට යන ගමන්. මම උපරිමය කරනවා” කිව්වට ලෝයර් මහත්තයටත් තිබුණේ පට්ට බයක්.
මොකද මිනිහාත් එක්ක තරගයට හිටපු ලෝයර් තැන ටිකක් සැර වැඩි සාක්ෂි ටිකක් එක්කහු කරන් හිටියා.
වැදගත්ම දේ ගෑනි මේක හිතමතා කළා කියන්නත්, සැලසුම් සහගතව දේපළ සහ මුදල් අරමුණු කරගෙන, කොටින්ම අනියම් පෙම්වතා එක්ක පැන යන්න සැලසුම් කරගෙන, මේ ඝාතනය කළා කියලත් මිනිහා කියන්නයි සුදානම.
ඒ නිසා, ගෑනිගේ ලෝයර් ගෑනිගෙන් පුන පුනා ඇහුවේ කවුද ඒ අනියම් පොර කියලා.
හැබැයි ගෑනි දිවුරනවා අනියම් සීන් එකක් නෑ කියලා.
එතකොට මොකද්ද ඇත්තම සීන් එක.
මේ කියන්න හදන්නෙ ඇත්තම සීන් එක. අවුරුදු ගාණකට කලින් පත්තර පිටු පුරෝපු ඝාතනයක සැබෑ ම කතාව මේ…
“සර් ඌ ජරා සතෙක්.. සර් දන්නවද ඌ මට දුන්න වද.. ඌ කවදාවත් මා එක්ක සෙක්ස් කරන් නෑ. කරන දේවල් දන්නවද? මට උගේ යාලුවෙක් එක්ක ඉන්නලූ. ඌ බලන් ආතල් ගන්නම්ලූ. මොන බම්බු ආසාවක් ද ඒ..? මම කොහොමද සර් ඒ වගේ දේවල් කරන්නේ. පැටියෝ ගාගෙන හුරතල් වෙනවා හැමදාම.. කියන්නෙම ඕනිලු ඌට ඒ ආස විදිහට. සර් මම ගණිකාවක් නෙවෙයිනේ. ඌට තිබ්බා මාව නොබැඳ එක්කෝ ඉන්න.. කෙනෙක්ට ආසාවල් තියෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා ගෑනියෙක්ට එහෙම කියන්න ඌට තියෙන අයිතිය මොකද්ද..?”
“සර් ඊටපස්සෙ මූ හැමදාම බීලා ඇවිත් මට වද දෙනවා. ඌ යාලුවොත් එක්ක ඔට්ටු දාලා මාව දෙනවා කියලා. සර් ට කියන්න ඌ මාවම විකුණලාමයි සතුටු වෙන්න හැදුවේ. ඒ ඔට්ටුවක් නිසා මට නින්දක් නෑ. පලු යන්න ගැහුවා. මම සතියක් අම්මලා ගෙදරත් හිටියා. පස්සෙ මූ පිණ්සේණ්ඩු වෙලා ගෙන්න ගත්තා මාව. ඒත් මම ගියා. මොකද අම්මලාට ලැජ්ජ වෙයි කියලා. ඌ හැදෙයි හිතලා. ඌ හැදුනේ නෑ සර්. හොඳට හිටියේ දවස් තුන හතරයි..”
“මිනිහා මට ගහන ගැහිල්ල… දවසක් මං වැටිලා මගේ දණහිස් පණ නැතුව ගියා. ඒ වෙලාවේ මම ඌව මරන්න හිතුවත් ඉවසුවා. හැබැයි සර්… මට මිනිහාගෙන් තව වද විඳින්න ඕනි වුණේ නෑ. මිනිහා එයාගේ අම්මලාට කියලා මට වෙන සම්බන්ධයක් තියෙනවා, ඌ එක්ක බුදියන්නෙවත් නෑ කියලා. සර් කියන්නෙ මට තව ඉවසලා ඉන්න කියලද? උගේ යාලුවෝන්ට මාව විනාස කරන්න දෙන්න කියලද?”
“නෑ සර්… මම තීරණයක් ගත්තා. මමඌව අන්තිම නින්දට යැව්වා. උගේ බෙල්ලට කේබල් එකක් දාලා ඇද්දේ. ඇත්තටම මම ඌව මරන්න හිතන් කරපු දෙයක් නෙවෙයි. ඒත් ඌ ගියා. මට කරන්න දෙයක් මතක නැතිවුණා. සර් ඔය මිනිහා තව ගෑනියෙක් ගත්තත් ඒකිට කරන්නෙත් ඔය දේමයි. ඕකා අපායට යන්න ඇති. මට නම් දුකක් නෑ. සර්ට පුලුවන් නම් විතරක් මාව එළියට ගන්න.. නැත්තම් ඕනිම නෑ..”
2025 මාර්තු 14, පෙ.ව. 12:29
2025 මාර්තු 14, පෙ.ව. 12:10
2025 මාර්තු 14, පෙ.ව. 12:06
2025 මාර්තු 14, පෙ.ව. 12:03
2025 මාර්තු 14, පෙ.ව. 12:02
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25