hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:01



පාරමීට වයස අවුරුදු දහයක් සපිරෙද්දි ඇගේ නැගණියගේ වයස අවුරුදු හතක්ව තිබුණා. පාරමීගේ ළඟම වැඩිමලා පවුලේ එකම පිරිමි දරුවායි. ඊටත් වඩා වැඩිමහල් අක්කලා දෙන්නෙක් ද පාරමීට සිටියා.

දරු පස් දෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ පියා පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කළ අතර ඔහුට ලැබෙන වැටුප මේ දරු පවුල පෝෂණය කිරීමට ප්‍රමාණවත් වුයේ නැහැ.

අම්මාගේ අඩුව පාරමීට එතරම් දුරට දැණූනේ නැහැ. ඒ වැඩිමහල් අක්කලා දෙන්නා නිසායි. පියාගේ රැකියා ස්ථානය කතරගමයි. පාරමීලා පදිංචි මාතර යි. මාස දෙක තුනකට වරක් පමණක් නිවසට එන පියා ගැන පාරමීලාට කිසිදු හැඟීමක් තිබුණේ නැහැ.

කෙසේ හෝ වැඩිමහල් අක්කලා දෙන්නා විවාහ වී නිවසින් ගියාට පසු පාරමීට බර පැටවුනා. නංගිටත් අයියාටත් ආහාර පිළියෙල කර දීම, පියාට උවටැන් කිරීම ඇය පාසල් යන අතර කරගෙන ගියා.

මීට වසර එකහමාරකට පමණ ඉහතදී මේ අයියා පොලිසියට කොටු වන්නේ මාතර පාසල් ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ සැකකරුවෙකු ලෙසටයි. මොහුට එල්ල වූ චෝදනාව වූයේ ප්‍රධාන සැකකරු පැමිණි යතුරු පැදිය පැදවීමයි.

මීට මාස තුනකට පමණ ඉහත කොළඹ රැකියාවක් ලැබීම හේතුවෙන් අයියා ද නිවසින් පිටව යන්නේ පාරමීට නැගණිය බලා ගැනීමේ වගකීම පවරමින්.

මාස දෙක තුනකට වතාවක් එන පියා ආහාර පාන ගෙනැවිත් දමා ආපහු රැකියාවට යන්නේ දැරියන්ගේ ආරක්ෂාව, කුසගින්න ගැනවත් නොසිතමිනුයි.

දැන් පාරමීගේ වයස අවුරුදු පහළොවක්. නංගිගේ වයස අවුරුදු 12ක්. මේ දෙන්නා නිවසේ කල් ගෙවන්නේ තනිවමයි. නංගිට ඇති එකම පිළිසරණ පාරමී පමණයි.

අක්කා හැටියට පාරමී ඉවසාගෙන සිටියත් නංගිට කුසගින්න උහුලාගත නොහැකි වුණා.

පාරමී උසම මහත එකියක් වුනේ නැහැ. වටේ පිටේ කොල්ලන්ගේ බැල්ලමට නොරැවටුණු ඇයගේ එකම අරමුණු වූයේ කෙසේ හෝ සැපවත් ජීවිතයක් ගත කර නංගිට උදව් කිරීමයි.

ඇය මිතුරියක් වූ ශානිකා සොයා යන්නේ ඒ අනුවයි.

“හරි මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම් යමු මාත් එක්ක..”

එලෙස කී ශානිකා සුවිසල් නිවසකට ඇයව කැඳවාගෙන ගියා.

“මේ ගෙදර ඉන්නේ මහත්තයා විතරයි. අපේ අම්මා තමයි මෙහේ වැඩ කරලා දෙන්නේ. අම්මා මාවත් එක්කගෙන ආවා. ඒ මහත්තයා එක්ක කාමරේට ගිහින් ඉන්න. සල්ලි දේවී…”

මිතුරිය කීවේ කුමක් දැයි පාරමීට තේරුම් ගියේ නැහැ. ඇය 50 හැවිරිදි පුද්ගලයෙකුගේ කාමරයට යන්නේ සල්ලි රැගෙන එන්නයි.

එහෙත් ඔහු පාරමීට මුදල් දුන්නේ නැහැ. ඔහු මේ නාඹර කෙල්ලගේ පිරිසිදුකම නැති කළේ කිසිම හිතක් පපුවක් නැති තිරිසෙනෙකු ලෙසයි.

එදා ඇය අතට ශානිකා රුපියල් දෙදහසක් දුන්නා. එය පාරමීට මහමෙරක් බඳු වුණා.

මෙලෙස දින ගත වෙද්දි පාරමී සොයාගෙන මැඩම් කෙනෙකු පැමිණියා. මුදල් හම්බ කිරීමේ අවස්ථාවක් ලබා දීමට හැකි බව ඇය පාරමීට කිව්වා.

එදා සිට ඇයට රාජකාරී බහුල වුණා. ඇයට ඇණවුම් ලබා දෙන මැඩම්ලා දෙදෙනෙකු සිටියා. එක මැඩම් කෙනෙක් අවුරුදු විසි හයක් වූ අතර , ඇයට අවුරුදු තුනක දැරියක් ද සිටියා.

අනෙක් මැඩම් 43 හැවිරිදි වුණා.

මැඩම්ලා දෙන්නාගෙන් පාරමී ගණිකා ව්‍යාපාරයට ගොදුරු වූයේ දිනකට අවම වශයෙන් පිරිමි හය දෙනෙකුට වත් සේවය ලබා දෙමිනුයි. ඇය පිරිමින් සමඟ යහන් ගත වුවත් ලිංගික ක්‍රියාවලියේ බොහෝ දේ දැන සිටියේ නැහැ. ඇය සමඟ යන පිරිමින්ගේ ඒ අවශ්‍යතා සපුරාලන්නේ 43 හැවිරිදි මැඩම් විසිනුයි. ඒ අනුව පාරමීත් ඇයත් යන දෙදෙනාගෙන්ම සංතෘප්ත වන පුද්ගලයා මුදල් ලබා දෙන්නේ මේ දෙන්නාටම නොව ජාවාරමේ ප්‍රධානියා වන කොළඹ පදිංචි පුද්ගලයාට යි.

එක් පුද්ගලයකු සමඟ සිටින ඇයට රුපියල් එක් දහස් පන්සීයක් වැනි මුදලක් ලැබුණා.

එහෙත් ඇයට එය මහමෙරක් වුණා. දිනකට හය දෙනෙකුට සේවය ලබා දුන්නොත් දහ පහළොස් දාහක් අතේ ය.

රැකියාව මෙලෙස කෙරෙද්දි පාරමීට ගැටළු ඇති වුණාත ඒ පාසල් නොපැවැත්වෙන බැවින් නංගි තනිවම නිවසේ තනිකම යෑමයි.

26 මැඩම්ගේ 3 හැවිරිදි දියණියත්, පාරමීගේ 12 හැවිරිදි නැගණියත් මේ ගමනට එක් වන්නේ ඒ අනුවයි. උදේ රැකියාවට යද්දි මේ ත්‍රීරෝද රථයේ නැගණිය මෙන්ම 26 හැවිරිදි මැඩම්ගේ දියණිය ද යනවා.

මැඩම් පාරමී සමඟ අදාළ හෝටලයට යන්නේ දියණියත් නැගණියත් ත්‍රීවිල් රියදුරාට බාර දීමෙන් අනතුරුවයි. මේ දෙන්නා අසළ ඇති ළමා උද්‍යානයකට රැගෙන යන රියදුරු සවස් වන තුරු කාලය ගත කළා.

මේ අයුරින් පාරමී මාස තුනක කාලයක් ගණිකා වෘත්තියේ යෙදුණත් ඒ වකවානුවේ මේ දරු දෙදෙනා ගැන සොයා බැලීමට පියා කටයුතු කර තිබුණේ නැහැ.

මෙලෙස කාලය ගත වෙද්දි පසුගිය දිනෙක රාත්‍රී එකොළහමාරත් දොළඵහත් අතර මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට දුරකථන ඇමතුමක් ලැබුනේ ත්‍රීරෝද රථයකින් නිතර නිතර ළාබාල ගැහැනු ළමයි දෙදෙනෙක් රැගෙන යන බව කියමිනුයි.

“දරුවෝ.. ත්‍රීවිල් එකකින් ළමයි අරගෙන යනවා කිව්වට බෑ. ත්‍රීවිල් එකේ අංකේ බලාගන්න..”

වරුණිගෙන් ලැබුණු උපෙදස් ඒ අයුරින්ම පිළිපැද්ද එම පුද්ගලයා පසුදිනය වන විට එය සටහන් කරගෙන තිබුණා.

විමර්ශන ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි.

හෙළි වූ තොරතුරු අනුව ශානිකාගේ මව තනිව සිටින ව්‍යාපාරිකයාගේ ගෙදර දොර වැඩට අමතරව කම් සැප ද ලබා දී තිබුණා. ශානිකා එහි යන්නේ අම්මා සමඟයි.

කිසිදු හිරිකිතයකින් තොරව මේ අම්මා සිය දියණිය වයස අවුරුදු 50ක පුද්ගලයාට දී මඩිය තරකරගෙන තිබුණා.

එදින පාරමීගෙන් මනදොළ පුරෝගත් ඔහු ඒ ගාස්තුව ගෙවන්නේ ශානිකාටයි. පාරමී හා ශානිකා බාලවයස්කාරියක් වුණා. ජාතික හැඳුනුම්පත් පරීක්ෂාව අවුල් වන නිසා ව්‍යාජ හැඳුනුම්පත් ද මොවුන් වෙනුවෙන් සකස් කර තිබුණා.

මේ දැරියන් විකුණන ජාවාරමුත් එක පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහස හෝ ඊට වැඩි මුදල් අය කර ඇති බව සඳහන්.

පාරමී වරුණි ඉදිරියේ කළ හෙළිදරව්වයි මේ..

“මගේ නංගි බඩගින්නේ අඬනකොට මට ඕනි වුණේ කොහොම හරි එයාගේ බඩ පුරවන්නයි නෝනා..”

පාරමීට සිදු වූ මේ දේට ඇගේ මව පියා වගකිව යුතුයි. ඇගේ කුමරි බඹසර සිඳ දැමූ ව්‍යාපාරිකයා ආගිය අතක් නැත. පාරමී සමඟ එක්ව පිරිමින්ට සැප දුන් 43 හැවිරිදි මැඩම් ද අතුරුදහන් වී ඇත.

හෝටල් කළමණාකරුවෙක් ද ආ ගිය අතක් නැත.

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිය ලෙස වැඩ බාර ගත් වරුණි අත්දැකීම් අනුව පෞද්ගලික තොරතුරු සපයන්නන් යොදාගෙන ප්‍රදේශයේ සිදුවන ළමා හා කාන්තා අපචාර හිංසන සොයා බැලීමට ගත් පියවර නොවන්නට ගැබිනියකව සිටින පාරමී තවමත් පිරිමින්ගේ මන දොළ සපුරාලමින් සිටිනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: