hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:01



ඇමරිකාවේ ග්‍රීන් කාඩ් පතක් ලබා ගැනීමේ අරමුණින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට එම විභාගය සමත් වු 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පිළිබඳ පුවතක් මාතර නගරයෙන් වාර්තා වෙනවා.

දින 18 ක් වැනි කාලයක දී විභාගයට සූදානම් වී එම විභාගය සමත්ව ඇත්තේ මාතර උයන්වත්තේ පදිංචි නලින් දර්ශන වීරතුංග (40) මහතායි.

2002 වසරේ දී ප්‍රථම වරට උසස් පෙළ විභාගය සදහා ගණිත අංශයෙන් ඉදිරීපත් වී විෂයයන් දෙකක් පමණක් සමත්ව ඇති ඔහු යලි වසර 21 කට පසු එම විභාගයට දෙවන වරට පෙනී සිට ඇත්තේ පුද්ගලික අයදුම්කරුවකු ලෙසයි.

ඒ කලා විෂය ධාරාවෙන්ය.මෙවර උසස් පෙළ විභාගයේ සිංහල හා මාධ්‍ය අධ්‍යනය විෂයයන් සදහා  සී සාමාර්ථ ද දේශපාලන විද්‍යාව සදහා එස්. සාමාර්ථයක් ද හිමි කර ගෙන ඔහු විභාගය සමත්ව ඇත.

මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වීරතුංග මහතා තිදරු පියෙකි.ඔහුගේ බිරිද මාතර මහ රෝහලේ වෛද්‍යවරියකි.පුතුන් දෙදෙනා රාහුල විද්‍යාලයේ ද දියණිය සුජාතා විද්‍යාලයේ ද ඉගෙනුම ලබනවා.

තම උත්සාහය පිළිබඳව අදහස් දැක් වු නලින් දර්ශන වීරතුංග මහතා මෙසේ සඳහන් කළා.

“ඇමරිකාවේ ග්‍රීන් කාඩ් පතක් ලබා ගන්න උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන කියලා මට මගේ මිතුරෙක් කීවා. ඒ අනුව විභාගය ලියන්න බලද්දී අයදුම්පත් භාර ගන්නා දිනය අවසන් වී තිබුණා. මම ඒ බව මාගේ තවත් මිතුරෙකු වන සර්වේශස් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරුණ ඉන්දික වීරසිංහ මහතාට කීවාම ඔහු මට කීවා. කොලඹ විභාග දෙපාර්තමේන්තුවට ගිහින් උත්සාහ කරන්න කියලා. ඒ අනුව මම වීභාග දෙපාර්තමේන්තුවට ගිහින් කාවිංග මහතා හමු වෙලා මට මෙවර විභාගය පෙනී ඉන්න අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් කලා. ඒ අනුව මට අවස්ථාව හිමි වූණා. ඒ වන විට විභාගයට ඉතිරි වෙලා තිබුණේ හරියටම දවස් 18 යි.

හරියටම දවස් 18 කින් මට මතක හැටියට සිංහල විෂය තීබුණේ. අනෙක් විෂයයන් වලට තව වැඩිපුර සතියක් දෙකක් තිබුණා. මම ඒ කාලය තුල පොත් පත් පාඩම් කලා.දරුවන් සමගත් පාඩම් කලා. ගෙදර දොර හා දරුවන්ගේ වැඩ කටයුතුත් කලා. කඹුරුගමුව ඉස්කෝලේ තමයි මට විභාගය මධ්‍යස්ථානය ලෙස ලබා දී තිබුණේ. ඒ අනුව මම ජීවිතේට උසස් පෙළට හදාරපු නැති විෂයයන් තුනකට මුහුණ දීලා විභාගය සමත් වෙන්න පුලුවන්කම ලැබුණා. මම හිතනවා ග්‍රීන් කාඩ් නොලැබුනත් මගේ ජීවිතයේ මෙය ලබා ගත් ලොකු ජයග්‍රහණයක් කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: