hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 16, ප.ව. 5:51



පසුගිය දවසක ස්වර්ණවාහිනී ආයතනය අලුත්ම වැඩකට අත ගහලා තිබ්බා.

බොහෝ දෙනෙක් මේ සඳහා හොඳ කිව්වා වගේම තවත් දෙනෙක් මේ දේ වැරදියි කියන දේත් ප්‍රසිද්ධියේ කියලා තිබුණා.

මේ විදිහට ස්වර්ණවාහිනී ආයතනය අලුතෙන්ම ආරම්භ කරපු වැඩසටහන තමයි දශක කීපයකට කලින් රංගන ශිල්පීන් විදිහට කලාවට එන්න ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් විදිහට ක්ෂේත්‍රයට එන්න සුදුසුකම් ලැබූ කලාකරුවන් කීපදෙනෙකුට ප්‍රවෘත්ති කීමට අවස්ථාව ලබාදීම.

ඇත්තටම මේක සුවිශේෂී අවස්ථාවක්.

ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙච්චි අය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න සහභාගී වුණේ.

අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ පුවත් කියන්න හරේන්ද්‍ර ජයලාල් සහ තුෂාරි හේමමාලි එනවා කියලා ඔබ දන්නේ නැතුව ඇති.

ඒ ගැන හරේන්ද්‍ර සිය මුහුණුපොතේ මෙහෙම සටහනකුත් තබා තිබුණා.

සුබ පතන ඔබට ආදරෙයි ඒත්..”අද රෑ විතරමයි”

අද රෑ ස්වර්ණවාහිනි විශේෂ live at 8 ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ලැබුණ ආරාධනාව “අදට පමණක් “මම බාරගත්තෙ හරිම සතුටකින්..

ඊට හේතුව..මගේ නම හදපු මව, ස්වර්ණවාහිනිය, අද 27 වන උපන්දිනය සමරනවා. ඒ උපන්දිනය දවසේ live at 8 විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ලැබීම මට අනුව ..කෘතගුණ දැක්වීමට ලැබීමේ මහඟු අවස්ථාවක්..

ඉතිං.. ආදරණීය හිතවතුනි.. එසේනම් අද රෑ 8 ට ඔබත් ස්වර්ණවාහිනි නරඹන්න.. අවුරුදු 5 කට පස්සෙ මම අද live at 8 මැදිරියේ වාඩිවෙන දවස..

ආයෙමත් ඉතිං මෙහෙම සුවිශේෂී දවසක් එනතුරු මම ප්‍රවෘත්ති පුටුවේ නැවත වාඩිවෙන එකක් නැහැ..

අපව පසුකොට යා හැකි දක්ෂයන් ඒ පුටුවට සොඳුරු ලෙස උරුමකම් කියාවි.. එයයි ආදරණීය සොබාදහම

ඒත් අද දවස .. ඔබේ ආදරය නිසාම.. මට බොහෝ කලකට අමතක නොවන දවසක් බවටම පත්වේවි..

ඉතිං.. මම live at 8 ප්‍රවෘත්ති වලට එන්නේ අද විතරයි..

ඒ මගේ නම හැදූ මවුගේ උපන්දින සැමරුම නිසාමයි

ස්වර්ණවාහිනි සදා යෙහෙන් වැජඹේවා….

අදත් ඔබට ඇත්ත කියන මම.. හරින්ද්‍ර ජයලාල්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: