hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 12:03



ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ සිනමාවත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක සේ ජයගත්තු අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහුගේ මේ දක්ෂතාවය නිසාම ඉතාමත් කෙටි කාලයකින් කලාව තුළ ප්‍රසිද්ධ වෙන්න හැකියාව ලැබුණා.අද වන විට රංගන ශිල්පියෙක්ට අමතරව නිවේදකයෙක් වශයෙනුත් කටයුතු කරන ඉසුරු මීට කලින් සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ.

යුද හමුදාවෙන් අයින් වුණාට පස්සේ පූර්ණ කාලීනව කලා කටයුතුත් එක්ක එකතු වුණහම ඉසුරුට ඉතාමත් ඉක්මනින්  ක්ෂේත්‍රය තුළ තැනක් හදාගන්න හැකියාව ලැබුණා.ඉතින් අද වෙද්දි ඔහුව නොදන්න කෙනෙක් නැහැ.

මේ විදිහට කාලය ගත කරද්දී බොහෝ දෙනෙක් දන්නා පරිදි ඉසුරුට කලා ක්ෂේත්‍රයේම රංගන ශිල්පිනියක් සමග සම්බන්ධතාවයක් තිබුණා.නමුත් දැන් නම් මේ සම්බන්ධතාවය නැහැ කියලා තමයි හැමෝම සදහන් කරන්නේ.කොහොම නමුත් අතීතයේ ඔහුගේ වූ ජීවිතය ගැන මතකයන් අවදි කරලා තිබුණේ ඉසුරු මේ විදිහටයි.

“මම උසස් පෙළ කරන කාලේ එක ආදරයක් තිබුණා.කාලයක් යද්දී ඒ ගෑණු ළමයා ඒක නැවැත්තුවා.මම ඒ දුකට එයා ඉස්සරහට ගිහින් බ්ලේඩ් එකකින් තුවාල කරගත්තා.මැහුම් දෙකක් දැම්මා තාමත් ඒ පාර තියෙනවා.මම ඇත්තටම හිතනවා මම එයාට ඒ ආදරේ කරපු විදිහ වදයක් වෙන්න ඇති කියලා.එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්.එයාගේ ජීවිතේ යන්න තියෙන තැන් වලට යන්න මාව බාධාවක් වෙන්න ඇති එයා මේක බලනවනම් මට සමාවෙන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: