hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:20



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

ජැක්සන්ගේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍යවරයා මෙසේ ප්‍රකාශයක් සිදු කළා.

‘ජැක්සන්ගේ තත්ත්වය වෙනසක් නෑ. හැබැයි මෙහෙමයි… අපි මීට අවුරුදු 25කට විතර ඉස්සල්ලා මුල් පත්වීමේ දී මම නිර්වින්දන වෛද්‍යවරයෙක්. අපි නිර්වින්දනය දුන්න කාන්තාවක් අපිට සිහි ගන්වන්න බැරිවුණා. අපි එයාව මැෂින් එකේ තිබ්බා සතියක්. අපි දැක්කා, එයාගේ මොළේ නැතිවෙලා. අපි තීන්දුවක් ගත්තා, මැෂින් එක ගළවන්න.. මෙතනදි තීරණ ගන්නෙ වෛද්‍යවරු.. නමුත් ජැක්සන්ගේ සිද්ධියේ දී ඒක වෙනස්… මට අදහන්න බෑ කවුද මේ තීන්දු ගන්නෙ කියලා…..තමන්ගේ පුද්ගලික වියදමින් මේක කළා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මහජනතාව තමයි ප්‍රශ්න කරන්න ඔිනි…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: