hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:01



ජැක්සන් ඉන්නෙ ජාතික රෝහලේ අයිසීයූ එකේ. ජැක්සන් ඒ විදිහට පණ ගහලා ඉන්නෙ යන්තර සූත්තර කිහිපයකට පින්සිදු වෙන්න කියලත්, ඒ රෝහල් ඇඳේ මේ තාක් කල් රැඳුනු එකම රෝගියා ඔහු කියලත් බොහෝ දෙනෙක් කියන්න ගන්නවා.

ජැක්සන් මේ තාක් රැඳුනු හේතු මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අභිරහසක් බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ ගැන විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ නිකුත් කරන්න ගන්නවා. ජැක්සන්ට සමීප පවුලේ පිරිස් ජැක්සන් ජීවතුන් අතර බව පුන පුනා කියද්දිත් ඇතැම් යූටියුබ් නාලිකා ජැක්සන්ව හිතූ හැටියට පතුරු ගහන්න පටන් අරන් තිබුණා.

මේ තාක් නොදැකපු ජැක්සන්ගේ ව්‍යාජ ඡායාරූප පවා නිර්මාණය කරමින් ඔවුන් සිදුකරන නිර්ලැජ්ජිත ක්‍රියාව ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහත් පිළිකුලට ලක් කරලා තිබුණා.

ඇය පසුගිය දවසක මේ ගැන යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් අදහස් පළ කරලා තිබුණේ මෙහෙම යි.

ජැක්සන් අනතුරට ලක්වුණාට පස්සෙ අපේ පවුලට ගොඩක් දේවල් වුණා. දරුවෝ තැන් තැන්වල දුක් විඳිනවා. අපි අපේ දුක නොපෙන්වා ඉන්න උත්සාහ කරනවා. ජැක්සන් දැන් ක්‍රමයෙන් සුව වෙමින් ඉන්නවා. අපිට වෙන කිසිම බලාපොරොත්තුවක් නෑ. එකම බලාපෙරොත්තුව ජැක්සන් සුව වීම.’

‘අපේ ගෙදර පස්දෙනාම වෘත්තීය වශයෙන් කලාකරුවෝ. කලාවේ ඉද්දි අපිට හිනාවෙන්න වෙනවා, අඬන්න වෙනවා, විහිලු කරන්න වෙනවා.’

ජැක්සන්ව ඇයි විකුණන් කන්නෙ ? ඈ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන් ඒ ගැන කිවුව කතාවයි මේ..

‘ඇත්තටම මේ සිද්ධිය නිසා මිනිස්සු අඳුරගන්න හොඳ අවස්ථාවක් ලැබුණා . අපි සහෘද කියලා හිතන් හිටපු ගොඩක් අයගේ ඇතුළාන්තය අපි දැනගත්තා. අපි අහලවත්, දැකලවත් නැති අයගේ ආදරය අපිට දැකගන්න පුළුවන් වුණා. මේ අවස්ථාවෙත් බොරදියේ මාලු බාන අය ඉන්නවා. මම මෙහෙම කිවුවම ඒ මාලුකාරයෝ කවුද කියලා එයාලම අඳුරගනී. මේ තියෙන සත්‍ය විකෘති කරමින් ඔවුන් මුදල් උපයන තත්ත්වයට පත්වෙලා. කමක් නෑ… නමුත් කර්මය කියන එක තමන් පස්සෙ එළවනවා.’

‘ජැක්සන් සෑහෙන ප්‍රගතියක් පෙන්නුම් කරනවා. ඇත්තටම ඔහු දැන් දෑස් විවෘත කරන්න පටන් අරන් දැනට මාස 4ක් 5ක් වෙනවා. ඔහු ඇස් අරිනවා, කට හොල්ලනවා. ඔහු හැඟීම් පෙන්වනවා. ඔහු සුවය කරා ළංවෙමින් ඉන්න බව පෙනෙනවා.’

‘ජාතික රෝහලට මම පින් දෙනවා. ඒ තරම් මෙහෙයක් ඔවුන් කරනවා. මම එහේ යන්න අරන් සෑහෙන කාලයක් වෙනවා. ජැක්සන්ට විශේෂ නෑ. හැමෝටම එක වගේ ඇප උපස්ථාන කරනවා. වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නෙ මේ කවුද කියලා බලලා නෙවෙයි.’

ජැක්සන් හිටියා ඇති කියන, ජැක්සන්ට යන්න දෙන්න කියන උදවියටත් කියන්න කතාවක්, කුමාරි මුණසිංහ ළඟ තිබුණා.

‘ජැක්සන් හැඟීම් පෙන්වද්දි මිනීමැරුමක් කරන්නද කියන්නෙ ? හොඳින් ඇස් අරින, වහන, මට රිදෙනවා කියලා මූණෙන් පෙන්වන කෙනෙක්ව මරණයට පත් කරන්නද කියන්නෙ ? මම එයාලගෙන් ඒක අහන්න කැමතියි! වෛද්‍යවරු කවුරුවත් මැෂින් අයින් කරන්න කියලා ඉල්ලීමක් කළේ නෑ….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: