hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:21



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජැක්සන් ඇන්තනි මහතා ඇගිලි සොලවීම, ඇසි පිය ගැසීම වැනි දේ හරහා හැඟීම් ප්‍රකාශ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මෑතකදී මාධ්‍ය වෙත පැවසූවා.

කෙසේවෙතත් මේ වෙනකොට ජැක්සන් ඇන්තනි ජීවිතය අත්හැර ගොස් අවසන්.

ජැක්සන් ඇන්තනීගේ ආදරණිය දියණිය මාධවී ඇන්තනී සිය පියාගේ වියෝව සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

එම සටහන පහතින්,

මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේ

මේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේ

අන විනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ

තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ

හැන්දෑව පුරන්නට ඉර යන්ට ඕනේ නෑ

මද්දහනත් අන්ධයි හිත ඇතුලේ මගේ

කලිකාල පහු කරං මං එන්නෙ මේ පාරේ

උඹෙ පියවර පස්සෙන්මයි සංසාරේ

තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ..

– ජැක්සන් ඇන්තනී (2016)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: