hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:08



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා.

මේ අතරේ ඊයේ දිනයේ අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් ගෞරව දැක්වූවා.

අද්විතීය හැකියාවන් රැසක් ඔස්සේ, මෙරට කලා ක්ෂේත්‍රයට සුවිශේෂි නිර්මාණ රැසක් දායාද කළ මහා දැවැන්තයකු මෙලෙස අහිමිවීම දේශයටම සිදුවූ මහත් පාඩුවක් බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

කලා ක්ෂේත්‍රයේ නව නිර්මාණ හා නව මාදිලියේ කලා ප්‍රවණත ඉතාමත්ම නිර්මාණශීලී අන්දමින් සිදු කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඉමහත් ගෞරවයක් ඇති බවත් මෙසේ අවසානාවන්ත ලෙස හදීසියේම අප අතරින් වෙන් වූ එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (11) අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීයි.

එම අවස්ථාවේ සජිත අනුත්තර සහ මාධවී ඇන්තනී විපක්ෂ නායකවරයා සමඟ සඳහන් කරන්නෙ, ජැක්සන්ගේ සැත්කම සිදු කළේ විකලාංග වෛද්‍යවරයෙක් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා : ‘ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර් කවුද?’

සජිත ඇන්තනී : ‘— දෙන්නා තමයි කළේ. පස්සෙ ඔපරේශන් කරපු ඩොක්ටර් රට ගියා…’

සජිත් ප්‍රේමදාස මහතා : ‘නියුරෝ ඉෂු එකක් නේද ආවේ?’

සජිත ඇන්තනී : ‘නියුරෝ ඉෂු එකක් තමයි ආවේ. විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් තමයි අප්පච්චිගේ ඔපරේශන් එක කළේ..’

සජිත් ප්‍රේමදාස මහතා : ‘ඔලුව නේද වැදිලා තිබුණේ…’

නෑ නෑ බෙල්ලේ මෙතන.. ස්පයිනල් එක ඈත්වෙලා..’ (අසළ අයෙක්..)

මාධවී ඇන්තනී : ‘ඇක්සිඩන්ට් වෝඩ් එක භාරව හිටිය විකලාංග ශල්‍ය වෛද්‍යවරු.. ඒගොල්ලො අප්පච්චිට කරන්න ඔිනි සේරම කළා..’

නිවසේදී මහජන ගෞරව දැක්වීම අද (12) බ්‍රහස්පතින්දා දහවල් 12.00ට අවසන් කෙරෙනවා.

නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහැර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ළඟාවීම සිදු කෙරෙනවා.

ජැක්සන් ඇන්තනී මහතා ඉගෙනුම ලැබූ හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය පාසල් සිසු සිසුවියන්ගේ බුහුමන් මැද දේහය දේවස්ථානය වෙත ගෙන යාම සිදු වෙයි.

සවස 3.00ට ආගමික පිළිවෙත් ඇරඹීම සහ අනතුරුව අවමංගල සභාව පැවැත්වීම සහ සවස 5.00ට දේහය මිහිදන් කිරීම සිදු කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: