hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:02



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

වසරකට අධික කාලයක්  ජීවිතයත් මරණයත් අතර සටන් කළා.

ඔහු මරණයත් එක්ක සටන් කරද්දී ඇය සටන් කළේ ලෝකෙත් එක්ක.

තමන් යදින සෑම දෙවියෙකුගෙන්ම ඇය ඉල්ලුවේ ඔහුගේ ජීවිතය.

ඇය විශ්වාස කළා ඔහු නැගිටියි කියල. ඒකයි ලෝකෙම ඔහුව අතහරිද්දි ඇය අතහැරියෙ නැත්තේ.

ඒත් අවසානයේ ඔහුත් පැරදුණා, ඇයත් පැරදුණා.

ඔහු පිළිබඳ අමුතුවෙන් අටුවාටීකා අවශ්‍ය නැහැ. සැබවින්ම ඔහු එතරම් හිඩසක් ඉතුරු කර අපි අතරින් නික්ම ගිය චරිතයක්.ඉතින් ඔහුගේ පාසල් වියේ පටන් සිටි පෙම්වතිය ඇයයි.

මේ හැම අඩියකින්ම ඉස්සරහට තබන විට ඇය පිටිපස්සේ ඉඳලා නිහඬ ආශිර්වාදයක් වුණා.

මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්. අද ඔහු නිකම ගියත් ඔහුගේ අඩුපාඩුව වැඩිපුරම දැනෙනවා ඇත්තේ ඇත්තේ ඇයට.

කුමාරි මුණසිංග නම් වූ ඇය මේ සෝසුසුම් මැද අදහස් දක්වමින් කියා තිබුණේ මේ තරම් ප්‍රතාපවත් චරිතයක් ඇය මින් පෙර දැක නැති බවයි.

හැම වෙලාවකම හැම තත්පරයකම අලුතෙන් දෙයක් හොයන, අලුත් දෙයක් ඉදිරි පරපුරට ඉතුරු කරලා දෙන මේ වගේ චරිත තවත් ඉන්නවාද කියන ප්‍රශ්නය ඇත්තටම දැන් බොහෝ දෙනෙක්ට හිතට නැගෙනවා ඇති… මේ වෆ්ගේ චරිතයක් ආයේ කලාවට කවදා බිහිවෙයිද යන ගැටලු පවතිනවා කියලා ඇය කියනවා…තමන් හොයාගත්ත දෙයක් තව කෙනෙට කම්මැලි නොවන විදිහට ඔහු ඉදිරිපත් කරන්න හරිම රුසියෙක්.. ඒකයි ඉතිහාසය වගෙ කටෝර විශයන් ඔහු අපේ සමාජයට ලබා දුන්නේ…මේ අඩුව පුරවන්න බැරි වුණත්, ඒ අඩුව ටිකක් හරි මකන්න පුළුවන් නම් ඒ ඉතින් ජැක්සන්ගේ දරු තිදෙනාට පමණයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: