hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 10:52



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා. එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

අන්න එහෙම බලාපොරොත්තු සහිතව බලාගෙන ඉන්න ආදරණීයන් වෙනුවෙන් ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුත් අකිල, තම පියාගේ නවතම තතු මේ විදියට අනාවරණය කර තිබුණා.

ඇන්තනී පවුලෙ කවර කතාබහක් වුව අවසන් වෙන්නෙ ජැක්සන් ඇන්තනී කලා කරුවාගේ වත්මන් තත්ත්වය කොහොමද යන ප්‍රශ්නාර්ථයෙන්. ඔහුට ආදරේ කරන කාටත් දැනගන්න අවැසි කාරණයත් එයමයි.

”අපේ පවුලේ සියලු දෙනාම කරන සෑම කටයුත්තකම අරමුණ තමයි තාත්තව සුවපත් කර ගැනීම. යම් දෙයක් අපි හදවතින් ප්‍රාර්ථනා කළොත් එය ලබා දෙන්න විශ්වයම උත්සාහ කරනවා. දිනෙන් දින අප්පච්චි සුවය ලබමින් ඉන්නවා. හැම අවස්ථාවකදිම අපේ ශක්තිය තමයි ධනාත්මකව සිතන එක. අප්පච්චි නිසා තමයි අපි ඉන්නේ. අපිට ළඟදිම හොඳ ආරංචියක් අහන්න ලැඛෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: